දේශපාලන වේදිකාවේ මේවෙනකොට ඇත්තේ ඉතා උණුසුම් වාතාවරණයක්.
ඒවගේම අද දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිතයි.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ද වූයේ ප්‍රතිපත්තිමය තීරණය මත බවත් බලය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා නොදෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසා තිබෙනවා.
මහින්ද මහතාගේ ප්‍රතිපත්ති අදට ද වෙනස් වී නැති බවත්, එනිසා රෙදි ඇඳගෙන මහින්ද සමඟ තමාට හිටගත නොහැකි බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.
තමා එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවද පවසා ඇති දුමින්ද මහතා, සිරිසේන මහතා තමාව ජනපති මන්දිරයෙන් එළවූ බවට වාර්තා පැතිර ඇති බවත්, තමා ඊයේ හා පෙරේදා දිනයන්හි සිටියේ තම නිවසේ බවත් ඔහු සිනා සෙමින් සිය කාර්ය මණ්ඩලයට පැවසූ එම කාර්ය මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා.
