ලන්ඩන් නුවර TGTE හෙවත් Transitional Government of Tamil Ealam සංවිධානය විසින් සංවිධානය කර ඇති විරෝධතාවක් අතරතුර හමුදා උසස් නිළධාරියෙකු සිදුකල ක්රියාවක් සම්බන්ධ වීඩියෝවක් ගැන හැමෝම වගේ දැන් කතාවෙනවා.
අන්තර්ජාලය පුරාම පැතිරෙන මේ වීඩියෝව ගැන ශ්රී ලංකා බලධාරීන්ගේද අවධානය යොමුව තිබෙනවා.
ඉන් පසුව වහාම ක්රියාත්මක වන පරිදි මෙම නිලධාරියාගේ සේවය අත්හිටුවන ලෙස ලන්ඩන් නුවර සිටින ශ්රී ලංකා මහ කොමසාරිස්තුමිය වෙත උපදෙස් ලබාදී ඇති බවටද පුවතක් පැතිර යන බවයි වාර්තා වන්නේ.
ශ්රී ලංකා යුද හමුදාව ඇතුළු ශ්රී ලංකා බලධාරීන් මෙම සිද්ධිය ගැන පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් අපේ රට වෙනුවෙන් ලංකා මාතාවට යමෙකු එරෙහි වෙද්දී ඔහුගේ මේ ක්රියාව ගැන අන්තර්ජාලය පුරාම පැසසුමට ලක්වී තිබුණා.
