දෙවැනි ඉනිමෙන් රසික හදවත් දිනාගත්තු කෙනෙක් තමයි නයනතාරා වික්රමආරච්චි කියන්නේ.
ඇය ගැන පසුගිය දවස්වල හැමතැනම වගේ කතාබහට ලක්වුණා.
ඒ අතරතුර ඇයගේ නම සහ ඡායාරූප යොදාගෙන කරන වැඩක් ගැන නයනතාරා සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.
ඒ දේශීය හා විදේශීය සංගීත ප්රසංගවල ප්රචාරණ කටයුතුවලදී නයනතාරාගේ ඡායාරූප සහ නම භාවිත කරන බවටයි.
ඇය පවසා තිබෙන්නේ ඒ කිසිවකට ඇය එකඟතාවය පලකර නොමැති බවයි.
ඇය මුහුණුපොතේ දැමූ සටහන පහතින්..
මාගේ ආදරණීය රසික රසිකාවියනි,
මා කිසිඳු දේශීය හෝ විදේශීය සංගීත ප්රසංගයකට හෝ විවිධ ප්රසංගයකට සහභාගී නොවන බැවින් කිසිඳු එකඟතාවයකින් තොරව මාගේ නම හෝ ඡායාරූප නොයෙකුත් ප්රසංගයන්හී ප්රචාරණ කටයුතු සඳහා යොදාගනිමින් ඔබ සැම නොමග යැවීමට තැත් කරන්නන් හට මුලා නොවන මෙන් ඔබ සැමගෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි.
– නයනතරා වික්රමආරච්චි-
