මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙකු බවට පත්ව සිටින අර්ජුන් ඇලෝසියස් මහතාගේ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ නිෂ්පාදන කටයුතු සතියක පමණ කාලයක සිට අත්හිටුවා තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ නියමිත කාලසීමාවේ බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙලෙස එහි නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.
එම සමාගමට අයත් වැලිසර පිහිටි මත්පැන් නිෂ්පාදනාගාරයේ කටයුතු මේ ලෙස නවත්වා ඇති බවත් සඳහන්.
තාවකාලික පදනමින් එහි සේවයට බඳවාගෙන සිටි සේවකයන්ගේ රැකියාද මේ හේතුවෙන් අහිමි වී ඇති බව වාර්තා වනවා.
නිෂ්පාදනය කළ නිෂ්පාදන තොග බෙදාහැරීමේ කටයුතු සහ කාර්යාල කටයුතු පමණක් මේ වන විට සිදු වන බව ද සඳහන්ය.
