තනකොල කපන අක්කා.
මේ නම ඔබත් අපිත් දැක්කේ මුහුණුපොතෙන්.
මිනුවන්ගොඩින් ඡන්දෙට එන අයිරාංගනී කියන මේ චරිතය කවුරු අතරත් ජනප්රිය වුණේ තනකොල කපන අක්කා කියන නමින්.
ඒකට හේතුව තමයි ඇයගේ ඡන්ද පෝස්ටරයේ තනකොල කපන අක්කා යනුවෙන් සඳහන් වීම.
තනකොල කපන අක්කා කියන්නේ කවුද..? එහෙම කියන්නේ ඇයි කියන හේතුව ඇතුලේ ඇති සංවේදී කතාව හොයාගෙන අපි ගියා මිනුවන්ගොඩට.
හොඳ මූණ පෙන්නලා තමන්ගේ රැකියාව ගැන තත්ත්වය ගැන පුරසාරම් දොඩන මිනිස්සු ඉන්න ලෝකයක, කරන රස්සාවෙන් මිනිස්සුන්ගේ තත්ත්වය මනින ලෝකයක අයිරාංගනී, එහෙමත් නැත්නම් කවුරුත් දන්න තනකොල කපන අක්කා අපි කාටත් ලොකු ආදර්ශයක් සපයනවා.
මේ ඇයගේ කතාවයි…