Gossip

මහේල, ඩිල්ෂාන් සහ ලසිත් මාලිංග නැවතත් විස්සයි විස්ස පිටියට එක්වීමට කැමැත්ත පලකරයි

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු සුපිරි ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් ස්විස්ටර්ලන්තයේ පැවත්වෙන අයිස් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වීමට කැමැත්ත පලකර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ලසිත් මාලිංග හා මහේල ජයවර්ධන මීට පෙර මෙම තරගාවලියට සදහා එක්වීමට කැමැත්ත පලකර තිබුණා.
හිම මත කෘතිමව ඉදිකරන තණතිල්ලක් මත මෙම තරඟ පැවැත්වෙනවා.
මේ සඳහා එක්වන ක්‍රීඩකයින් අදාළ තත්වයන්ට ගැලපෙන ලෙස ඇඳුම් සහ පාවහන් පැළඳ ක්‍රීඩා කරනු ලබන අතර මෙම තරගාවලියට එක්වන ජාත්‍යන්තර ක්‍රීඩකයන් පිළිබඳවද විදෙස් මාධ්‍ය වැඩි අවධානයක් යොමුකර තිිබෙනවා.
2018 වසරේ පෙබරවාරි මස 08 සහ 09 වැනිදා ස්විස්ටර්ලන්තයේ මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
විස්සයි විස්ස තරගාවලියක් ලෙස මෙය සූදානම් කර ඇති අතර දින දෙකක් තුල කණ්ඩායම් දෙකක් අතර තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!