Gossip

වාහනයක ගැටී බරපතල තුවාල ලැබූ දරුවා වාහනයක දමා රැගෙන යද්දී ඒ පිටුපසින් රෝහල වෙතම දිව ගිය අම්මා – වීඩියෝ

අම්මගේ ආදරය තරම් වටිනා සෙනෙහසක් මේ ලෝකේ තවත් නැහැ.
තමන්ගේ දරුවෙකු තරම් අම්මා කෙනෙකුට මේ ලෝකේ වටිනා සම්පතකුත් නැති තරම්.
දරුවෙකුට පුංචි හරි සීරිමක් වුණොත් ඒක දරාගන්න අම්මා කෙනෙකුට අමාරුයි.
මිනිස්සුන්ට වගේම සත්ව ලෝකෙත් ඒක වෙනසක් නැහැ.
ඒ බව කියෙවන අපූරු සිදුවීමක් ගැන අපිට ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තය පැත්තෙන් අහන්න ලැබුණා.
මාර්ගයක ගමන් කරමින් සිටි ගව පැටියෙකු වාහනයක ගැටී බරපතළ තුවාල ලබා තිබෙනවා.
මේ සිද්ධිය දුටු සත්ව කරුණාව ඇති මිනිසුන් ටිකක් ගව පැටියාට උපකාර කිරීමට ඉදිරිපත් වෙලා තිබුණා.
රජයේ පශු සම්පත් කාර්යාලයට මෙම සිද්ධිය දැනුම්දීමට ක්‍රියාකිරීමෙන් පසු එහි සේවකයෝ විගස පැමිණ ගව පැටියා පශු රෝහල වෙත ගෙනයැම සඳහා වාහනයට දමාගෙන තිබෙනවා.
ගව පැටියා රැගෙන වාහනය යද්දි මේ එළදෙන එය පිටුපසින් දිවයන්න පටන් අරන්.
ගව පැටියා පශු වෛද්‍ය රෝහල වෙත ගෙනයන තෙක්‌ මාර්ගයේ දිව ආ එළදෙන අවසානයේ රෝහල ආසන්නයේ නතරවී තිබෙනවා.
මෙය දුටු හුඟදෙනෙකුගේ දෙනෙතට කඳුලක් එක්වී තිබුණේ මේ සත්වයාගේ මව්සෙනෙහස හැමෝගෙම හිත්වලට දැනුනු නිසා කියලයි මාධ්‍ය වාර්තා කරලා තිබුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!