Gossip

ඉඳලා ඉඳලා දිනපු තුන්කොන් සටනත් ලංකාව දිනලා නෑලු – බංග්ලාදේශයට ජය ලැබෙන කතාව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කිව්වම පහුගිය කාලෙම කතා කළේ එතරම් හොඳ දේවල්නම් නෙවෙයි.

එහෙත් පසුගියදා බංග්ලාදේශය හා පැවති තරඟයේදී ලංකාව විශිෂ්ඨ ජයක් බංග්ලාදේශයට එරෙහිව ලබාගත්තා.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් අරඹන්න ඒ තුන්කොන් සටනේදී පුළුවන් වුණා.

හැබැයි මේ වෙද්දි ඒ ලබාගත්ත ජයග්‍රහණය ගැන බංග්ලාදේශ බලධාරීන්නම් කිව්වේ වෙන කතාවක්.

බංග්ලාදේශ කණ්ඩායම පැරදුණේ පිතිකරුවන්ට අවාසිසහගත තණතිල්ලක් හදපු නිසා කියලා තමයි ඔවුන් කියලා තියෙන්නේ. ඔවුන් මෙයට චෝදනා කරන්නෙත් ලංකාවට.

ඔවුන් කිව්වේ මේ තුන්කොන් සටන ලංකාව දිනුවේ නැහැ කියලායි. තණතිල්ල වාසිසහගත වුණානම් බංග්ලාදේශයට ජය හිමිවන බවයි.

ඉතින් ලංකාවට මෙහෙම චෝදනා කරන්න හේතුවෙලා තියෙන්නේ බංගලාදේශයේ ප්‍රධාන තණතිරූ සකසන්නා ලංකාවේ ගාමිණී ද සිල්වා වීම. අවසන් තරඟයේදී තණතිල්ල සැකසීමේ වගකීම භාර වෙලා තියෙන්නේ ඔහුට.

බංගලාදේශ ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියලා තියෙන්නේ “අපිට අවශ්‍ය වුණේ හොඳ ලකුණු තියෙන තණතීරුවක්, එත් හදලා තිබ්බේ පිතිකරුවන්ට අවාසි එකක්, මේ නිසා අපි ඔහු ගැන වහාම පරීක්ෂණයක් කරනවා.”

ඒ වගේම තමයි මේ වෙද්දීත් බංගලාදේශ ක්‍රිකට් ආයතනය ගාමිණී ද සිල්වාගෙන් නිදහසට කරුණු අහලා තියෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!