මේ දවස්වල හැමතැනම වගේ කතාවෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව සහය පුහුණුකරු විදිහට තිලාන් සමරවීර පත්කිරීමට ඉඩ ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
තිලාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමෙන් පසුව ඔස්ට්‍රේලියාවේ පුහුණුකරුවෙකු ලෙස නැවතත් අලුත් ක්‍රිකට් පිටුවක් පෙරලනු ලැබුවා.
පසුව බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස ක්‍රියාකළ අතර දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග එක්වුණේ පිතිකරණ පුහුණකරු ලෙසයි.
තිලාන් සමරවීර අපේ රටේ බිහිවූ සුපිරි ටෙස්ට් පිතිකරුවෙක්.
නික් පොතාස් කලමනාකාරීත්වය සමඟ ඇතිකරගත් ගැටලුවක් නිසා බංග්ලාදේශ තරගාවලියට එක්වීම ප්‍රතික්ෂේප කර තිබුණා.
කෙසේ වෙතත් මේ හේතුවෙන් තිලාන් සමරවීර සහය පුහුණුකරු ලෙස පත්කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන්නේ.