Gossip

අලුත් බලාපොරොත්තුවක් එක්ක සිංහයන් සටන් වදින තුන්කොන් සටනේ ජය කාටද..? විශ්ලේෂණ වාර්තාව මෙන්න

බංග්ලාදේශය, සම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් සටන අදින් ඇරඹෙනවා.
අද තරගය පැවැත්වෙන්නේ බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතරයි.
කාගෙත් අවධානය මේ සැරේ තරගාවලිය ගැන යොමුවෙලා තියෙන්නේ නව පුහුණුකරු හතුරුසිංහ ගැන ලොකු බලාපොරොත්තුවක් හැමෝටම තියෙන නිසා.
ලංකාව සහභාගී වුණු තුන්කොන් සටන් ඉතිහාසය ගැන මේ විදිහේ සටහනක් තබන්න අපි හිතුවා.
ලංකාවේ තුන්කොන් සටන් ඉතිහාසයේ කැපී පේන තරඟාවලි 4 ක් තිබෙනවා.
2001 වසරේදී ඉන්දියාව සහ නවසීලන්තය සමඟ තුන්කොන් සටනකට ලංකාව එක්වූ අතර එම තරගාවලිය පැවත්වුණේ ශ්‍රී ලංකාවේදී.
සනත් ජයසූරියගේ නායකත්වයෙන් මුහුණදුන් මෙම තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
තරගාවලියේ වීරයා සම්මානය ජයසූරියට හිමිවු අතර වැඩිම කඩුලු දවාගත්තේ දිල්හාර ප්‍රනාන්දුයි.
ඉන් පසුව 2009 වසරේදී ඉන්දියාව සහ නවසීලන්තය සමග තුන්කොන් සටනක් ආරම්භ වනවා.
තරගාවලිය පැවැත්වුණේ ඉන්දියාවේදීයි.
තරගාවලිය පුරාම අපරාජිතව සිටීමට ශ්‍රී ලංකාවට හැකිවුණත් අවසන් මහා සටනේ ජය හිමිවුණේ ඉන්දියාවටයි.
2010 දී නැවතත් එම කණ්ඩායම් තුන සටන් වදින අතර එයින් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුණා.
මීට පෙර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම තුන්කොන් සටනකට එක්වී නොමැති අතර පසුගිය වසරේදී ශ්‍රී ලංකාව බංග්ලාදේශය සහ සිම්බාබ්වේ තරග සංචාරයකට එක්වුණා.
නමුත් එම තරගවලට මුහුණදීමට ශ්‍රී ලංකාවට එතරම් පහසු වුණේ නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!