හම්බන්තොට වරාය පරිශ්රයේ ස්ථාපිත කර ඇති සිංහ කොඩිය ඔසවන කොඩි කණුව සෙසු කොඩි කණු හා සම මට්ටම් වන ලෙස කපා දැමීමට එම වරාය වසර 99 ක කාලයක් සඳහා බද්දට ගත් චීන සමාගම කටයුතු කර තිබෙනවා.
මෙතෙක් සිංහ කොඩිය ඔසවන කණුව තිබුනේ සෙසු කොඩි කණුවලට වඩා අඩි එකහාමාරක පමණ උසකින්.
නමුත් මේ වන විට සියලු කොඩි එක සමාන වන සේ ජාතික කොඩිය ඔසවා තිබූ කණුව උසින් අඩු කර තිබෙනවා.
කොඩි කණු අතර චීන කොඩියද ඔසවා තිබෙන අයුරුයි එහිදී දක්නට ලැබුණේ.
මේ එම වීඩියෝවයි.
