Gossip

නිකන් දෙන කොන්ඩම් එකත් එපා කියන සමලිංගිකයන් නිසා වෙලා තියෙන දේ ? සියලු තොරතුරු මෙන්න

පසුගිය වසරේ මේ වන විට එච්.අයි.වී රෝගීන් 280 ක් පමණ හොයාගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසනවා.

ඒ අනුව සමලිංගික පිරිමින් 7500ක් හඳුනා ගැනීමටත් පසුගිය වසරේ හැකිවූ මේ අය කොන්ඩම් භාවිතයකින් තොරව ලිංගික ක්‍රියාවන්ගේ යෙදීම නිසා එච්.අයි.වී රෝගය ඇතුළු ලිංගාශ්‍රිත රෝග ගණනාවක්ම පැතිර යාමට හේතුවක් වී ඇති බවට අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

එච්.අයි.වී ආසාධිත රෝගීන් සොයා ගැනීමට පරීක්ෂණ වැඩිපුර කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වන විට ච්.අයි.වී රෝගින් 4000 ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇති අතර ඒ අය සොයා ගැනීමට පරීක්ෂණ කළ යුතු බවද වෛද්‍යවරයා පැවසුවා.

එච්.අයි.වී ආසාධිත රෝගීන් වැඩි පිරිසක් වයස අවුරුදු 25 ත් 45 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අතර මීට අමතරව ළමා රෝගීන්ද සිටිනවා.

අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන අය පිළිබඳව පරීක්ෂණ කළ යුතු බවත් ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන්, පිරිමි සමලිංගික සම්බන්ධතා පවත්වන අය හා මත්ද්‍රව්‍ය භාවිතා කරන අය මේ පරීක්ෂණ වලට අනිවාර්යෙන් යොමු විය යුතු බවයි වෛද්‍යවරයා පැවසුවේ.

මේ අතර සායන සඳහා සහභාගී වන සියලුම මව්වරුන්ගේ ලේ සාම්පල මේ වන විට පරීක්ෂා කරන බවත් ඊට අමතරව රුධිරය දන් දෙන පුද්ගලයන්නේ ලේ සාම්පල එව්. අයි. වී පරික්ෂාවට ලක් කරන බව ඔහු සඳහන් කළා.

මීට අමතරව පෞද්ගලික අංශයෙන් ලක්ෂ දෙකක් පමණ වසරකට එව්.අයි.වී පරීක්ෂණ සිදු කරන බවත් ලබන වසර වන විට සියලුම රජයේ රෝහල්වල මෙම එච්.අයි.වී පරීක්ෂණය සිදු කිරීමට කටයුතු කරන බවත් කියා සිටියා.

කෙසේ නමුත් මුදලට ලිංගික ශ්‍රමය අලෙවි කරන කාන්තාවන් අතර කොන්ඩම් භාවිතය සියයට 98 ක් පමණ වූ නමුත් සමරිසි පිරිමින් අතර එම ප්‍රතිශතය සියයට 50 ක් බවද පැවසුවා.

වසර 2025 වන විට එච්.අයි.වී. ආසාදිතයන් බින්දුව දක්වා අඩු කිරීම සඳහා රුධිර පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහන් ගණනාවක්ම මේ වසර තුළදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයිද වෛද්‍ය ලියනගේ මහතා සඳහන් කළා.

මෙය පැතීරිම වැලැක්වීම සඳහා මේ වන විට ඔවුන් දැනුවත් කිරීමේ කටයුතු හා ඔවුන්ට අවශ්‍ය කොන්ඩම් බෙදා දීමේ කටයුතු මේ වන විට සිදු කර පවතින අතර එහෙත් ඉන් කොන්ඩම් පාවිච්චි කරන පුද්ගලයින් සියයට 50 ක් බවත් වෛද්‍යවරයා කියා සිටියා.

එච්.අයි.වී ආසාධිත රෝගීන් සමාජයෙන් කොන් කිරීම නිසා ආසාධිත රෝගීන් සායන සඳහා පැමිණීමට මැළිකමක් දක්වන බවත් එය නැවැත්විය යුතු බවත් එවැන් ආසාධිත රෝගීන් සමාජයේ සිටීමෙන් සිදු වන්නේ තවත් නිරෝගී පුද්ගලයෙකුට එය බෝවීම බවත් වෛද්‍ය සිසිර ලියනගේ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!