ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතා කරද්දි එහි හිටපු ප්‍රබලම ක්‍රීඩකයෙක් විදියට සනත් ජයසූරිය හඳුන්වන්න පුළුවන්.
ලංකාව ලැබූ ජයග්‍රහණ රැසක පසුපස සිටි සනත් ලංකාවේ නම ජාත්‍යන්තරය ඉදිරියේ බබලවපු ක්‍රීඩකයෙක්.
ඉතින් සනත් පසුගිය දිනවල පුරාවට දරුණු දණහිසේ ආබාධයකින් පීඩා විඳින අතර ඔහුට තනිව ඇවිදගන්න පවා බැරි තැනට පත්වී තිබෙනවා.
එම තත්වයට අදාළ ප්‍රතිකාර ගැනීම සඳහා සනත් අද දිනයේ ඕස්ට්‍රේලියාවට බලා පිටත්ව ගොස් තිබෙනවා.
එහිදී ඔහුගේ දණහිසට ශල්‍යකර්මයක් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කොහොමවුනත් කණ්ඩායම මෙහෙයවපු හිටපු නායකයෙක් ලෙසත් කටයුතු කළ සනත් ලංකාවට ගෙන දුන් ජයග්‍රහණ සහ කීර්තිය අපමණ වන අතර වෙබ් ගොසිප් අපත් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
