Gossip

මහ රෑ එළියට ආපු උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අත්හිටුවයි – 205කට ඇපත් නැතිවුණු ප්‍රතිඵල අත්හිටවූ හේතුව මෙන්න

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් 205 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ විවිධ විභාග අක්‍රමිකතා හේතුවෙන් මෙලෙස විභාග ප්‍රතිඵල අත්හිටුවීමට පියවර ගත් බවයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ අතර එම ප්‍රතිඵල අද දින පාසල් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන වසරේ ජනවාරි මස 15 වන දින දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් අයදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර විදුහල්පතිවරුන්ට ලබාදීමට නියමිත අතර පෞද්ගලික අයදුම්කරුවන් සඳහා වන අයදුම්පත්‍ර ඉදිරියේදී පුවත්පත් වල පළ කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් 0112 78 42 08, 0112 78 45 37 යන දුරකථන අංක වලට හෝ 1911 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් දෙලක්ෂ 53,483 කු පෙනී සිටි අතර ඉන් එක්ලක්ෂ 63,104 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!