ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තමන්ගේ තිබෙන ශක්තිය ගැන විශ්වාසයක් නොමැතිව ක්‍රීඩා කිරීම ලොකුම ප්රශ්නය වී තිබෙන බව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පවසයි. අන්තර්ජාල වෙබ් අඩවියක් සමග පැවැති මාධ්‍ය හමුවකදී සමරවීර වැඩිදුරටත් මෙසේ පැවසීය.
‘ඉතා දුෂ්කර අවස්ථාවලදී විනාඩි 30-40 ක් කඩුල්ලේ රැඳී සිටීමට උත්සාහ කළ යුතුයි. ඊට පස්සෙ ලකුණු ලබා ගන්න පහසුයි. හොඳම උදාහරණය දිනේෂ් චන්දිමාල්. නාග්පූර් තරගයේදී ඔහු ලකුණු 60 ක් ගත්තා නව වැනි කඩුල්ල එක්ක සුරංග ලක්මාල්වත් තියාගෙන. මෙතන වෙලා තියෙන්නෙ තමන්ගේ හැකියාව ගැන විශ්වාසයක් නොමැති වීමයි. ඒක තමයි ලොකුම ප්රශ්නය’ යෑයි තිලාන් සමරවීර පවසයි.
විශ්ලේෂණය කිරීම වැදගත් බවත් ඉදිරි වසර දෙකේදී ඉදිරියට යැමට සැලසුම් සහ විසඳුම් සොයා ගත යුතු බවත් තිලාන් සමරවීර පවසයි.
‘2005 දී මට මොකද වුණේ. එදා මට නරක පැල්ලමක් හරහට හිටියා. එහිදී මම චන්දික හතුරුසිංහව හමුවුණා. ඔහු මගේ පිතිකරණයේ වෙනස්වීම් කිහිපයක්ම සිදුකළා. ඊට පස්සෙ මගේ මානසිකත්වය දියුණු වෙලා හොඳ පිතිකරුවෙක් වුණා. ඒ නිසා ඉදිරියට යන්න සැලසුම් සකස් කළ යුතුයි.’
චන්දික හතුරුසිංහ ක්‍රිකට් තරග රටා තුනටම විශිෂ්ට පුහුණුකරුවකු බවද සමරවීර පවසයි., ”හතුරුසිංහ අංශ තුනටම හොඳ පුහුණුකරුවෙක්. ඔහු පිතිකරුවන්ගේ මානසිකත්වය සහ තාක්ෂණය අපූරුවට සකස් කරනවා. ඔහු පිතිකරුවන්ට නිදහසේ ක්‍රීඩා කිරීමට අවස්ථාව දෙනවා. 2009 සිට ඔහුගේ පුහුණු ක්‍රමවේදයේ සාර්ථකත්වය ඒකයි. ඒක තමයි ලොකුම ශක්තිය.’
‘ඉදිරි මාස පහ ඇතුළත ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එවිට ඔවුන්ගේ මානසිකත්වය නිරාකරණය වේවි. තවත් විවිධ දේ කරන්න බලාපොරොත්තු වෙනවා.’ යෑයි සමරවීර වැඩිදුරටත් සඳහන් කර තිබේ.