Gossip

අතීතයට යන්න පුළුවන්නම් මිනිස්සු විශ්වාස කරලා අමාරුවේ වැටුන තැන හදා ගන්නවා – මේනකා මධුවන්ති

මේනකා පීරිස් කියන්නේ කවුරුත් දන්න රංගන ශිල්පිණියක්. ඒ විතරක් නෙවෙයි දක්ෂ නර්ථන ශිල්පිණියක්. මේ ඇය සමග කළ කතාබහක්.

වැඩිපුරම කැමති මේනකාව කවුරු විදියට හදුන්වනවටද?
ම්ම්ම්ම්ම්ම්ම්.මාව මිනිස්සු අදුර ගත්තේ නර්තන ශිල්පිනියක් විදියට.ඉතින් මම ඒකට කැමතියි.

ඒ කියන්නේ මිනිස්සු පසුව ඔබව විවිධ විදියට අදුර ගත්තා කියන එකද?
ඔව්.මුලින්ම නර්තන ශිල්පිනියක්,ඊට පස්සේ නිවේදිකාවක් ඊටත් පස්සේ සිනමා / ටෙලිනාට්‍ය නිලියක්.ඕන නම් ව්‍යාපාරිකාවක් කියලා කියන්නත් පුලුවන්.

කාන්තාවන් තමන්ගෙ පෙනුමට ගොඩාක් කැමතියි.ඒත් ඔබ සමහර වෙලාවට ඒ ගැන දුක් වෙනවලු නේ.ඇයි ඒ?
සමහර හරිම ලස්සන නිර්මාණ මට නොලැබෙන්නේ මගේ පෙනුමේ තියන බටහිර බව නිසා බව දැනගන්න කොට අයියෝ කියලා හිතෙනවා.ගැමි චරිතවලට මගෙ පෙනුම ප්‍රශ්නයක්ලු.

වේදිකාවේ දකින්න ලැබෙන්නේ කවද්ද?
ඉතා ඉක්මනින්ම .පහුගිය කාලෙදි නම් කතා කරපු ගොඩක් නිර්මාන වලට තියන කාරයබහුලත්වය නිසාම යන්න බැරි වුනා.දැන් මම ටිකක් ෆ්‍රී.ඒ නිසා හොද නිර්මාණයකට එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඇයි වැඩිය සම්මාන උළෙලවල් වල පේන්න නැත්තේ.
එහෙම විශේෂයෙන්ම කියලා කියන්න හෙතුවක් නම් නෑ .

ඔබට සම්මන නොලැබෙන නිසා ඒවට යන්නේ නැද්ද?
අපොයි කව්ද ඒ මඩ ගැහුවේ.එහෙම එකක් නෑ .මම රයිගම් සම්මාන උළෙල තුලදීත් හොදම නිලියට යෝජනා වුනා. සම්මානයක් ගන්න නම් ලංකාවේ හොදම ඒවයේ රගපාන්නම ඕන නෑ.

ඒ කියන්නේ සම්මාන උළෙලවල් ගැන ඔබට විවේචන තියනවා.
අනිවාර්යයෙන්ම ඔව්.

ප්‍රවීනයන්ගෙන් තරුණ පරපුරට ලැබෙන සහයෝගය කොහොමද?
හැමෝම නෙවෙයි ටික දෙනෙක් ඉන්නවා අපි කාල ඇඳලා ඉන්නවටත් ඉරිසියා කරන අය.පුද්ගලිකව මට නම් ප්‍රවීණයන්ගෙන් කැපිලි ඕන තරම් වෙලා තියනවා.

ඒ කිව්වෙ?
මොකක් හරි ප්‍රශ්නයක් උනාම ඒ අය හැසිරෙන්නේ කවදාවත් තමන්ට එහෙම දෙයක් නොවුන ගානට.මට සමහර අවස්ථාව වලදී එහෙම ප්‍රශ්න මත වැඩ වලින් අයින් වෙන්න වෙලත් තියනවා.

අතීතයට ගිහිල්ලා කොතන හරි වැරදුන තැනක් හදාගන්න දුන්නොත් ?
ම්ම්ම්.හරි මම එහෙම අවස්ථාවක් හම්බ වුනොත් කරන්නේ මුලින්ම මම මිනිස්සුන්ව විශ්වාස කරලා අමාරුවේ වැටුන තැන හදා ගන්නවා.

අනාගතේ ගැන මොකද හිතන්නේ.
අනාගතයේ දවසක දක්ෂතා නිවැරදිව අගයන සම්මාන උළෙලකදී සම්මානයක් ගන්න ආසයි.මම හිතනවා “අනෝරා” ඒකට පාර කපයි කියලා.

මෙගා නාට්‍ය තහනම් කරනවට කැමතිද?
ඇත්තම කතාව කිව්වොත් නාට්‍ය මෙගාද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ.කතාව මෙලෝ රහක් තියනවද නැද්ද කියන එක.මෙගා වලත් ලස්සන කතා තියන ඒවා අපි බලලා තියනවනේ.නිකමට හිතන්න ඉන්දියාවේ නිෂ්පාදනය කරපු ජෝදා අක්බර් ,කොටස් 500 විතර තියනවා.සමහර විට ඊටත් වැඩි ඇති.ඒත් කොච්චර වියදම් කරලා තියනවද එක කොටසකට.නිර්මාණය උස්ස් නිමාවකින් තියනවානම් මෙගාද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!