Gossip

ආණ්ඩු පෙරළු ආප්ප කතාව යළි කරලියට – අමුතු ආප්පය හදපු බාස් මෙන්න 

2015 වර්ෂයේ ජනාධිපතිවරණයත් සමග වැඩියෙන්ම කතාබහට ලක්කල දෙයක් තමයි ආප්ප කතාව.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකම මේසයක ආප්ප කා පසුව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමත් සමගයි.

කෙසේවෙතත් මේ දිනවල නැවත ඒ සිද්ධිය සමාජජාලවල කතාබහට ලක්වෙනවා.

ආප්ප සෑදුවා යැයි කියවෙන පුද්ගලයෙකු පිළිබදව සටහනක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියෙන් අපට හමු වුණා.

ඔහු සාදන මෙම ආප්ප එදිනෙදා ජීවිතයේ අප දකින සාමාන්‍ය ආප්පයකට වඩා වෙනස් හැඩයකින් යුක්ත වීමත් මෙහි විශේෂත්වයක්.

මේ ඒ පිළිබඳව ෆේස්බුක් වෙබ් අඩවියේ ලියැවුනු සටහනයි.

ලෝකයේ වැඩියෙන්ම කතා වූ ආප්පයේ සැබෑ නිර්මාණකරුවා හමුවිය…………………….!

එදා 2014.11. 17 දනයයි අද 2017. 11. 24 අළුයම 2 යි. අප බොහෝ දෙනා සිතා සිටියේ වර්තමාන ජනපතිතුමා එදා කාපු ආප්පය සාමාන්‍ය එකක් කියාය. එහෙත් එය මෙවැනි සුන්දර ආප්පයක් බව මේ මහා පාන්දර දැනගැනීමෙන් මටත් දෙනුවන්ටත් පින්න වියලී දහඩිය දැමීය.

“එදා මම මහින්ද මහත්තයටයි ⁣මේ විදියට ආප්පේ දැම්මේ ඒත් මෛත්‍රී මහත්තයා කෑවේ” කියා ඔහු ප්‍රකාශ කළ අතර ඒ සොඳුරු නිමැවුමත් ඔහුගේ ජීවිතයේ කටුක බවත් පිළිබඳ බොහෝ වේලා දොඩමළු වීමට හැකි විය.

ජීවිතය පිළිබඳ විශ්ව විද්‍යාලයක් වූ ඔහු මට මහාචාර්යවරයෙකු සේ දේශනයක් දී අවසානයෙ කියා සිටියේ “මම එකවසරට වත් ඉස්කෝලේ ගිහින් නෑ” කියායි. මේ සොඳුරු සිනහව යට සැනින් හමු වූ සහෝදරයෙකු මිතුරෙකු සහ ගුරුවරයකු නිර්මාණය විය.

පුදුම පාන්දරකි අද පැය දෙකක් හෝ නිදාගත යුතුය. අමතක කළ නොහැකි දුක්බර කතා කන්දක් මැද සිනහා උපදවන ආප්පයේ කතාව පමණක් කියා නින්දට යමි. සැගවූ දුක්බර සත්‍ය දිනෙක ගීතයක් ලෙස ඔබට ආපසු එවමි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!