Gossip

“ගොඩක් කල් ඉඳන් සම්බන්ධයක් තිබුණා” – දිමංක හොරෙන්ම විවාහ වුණාද?

මේ වන විට බොහෝ ගීත ගණනක් එළිදක්වා තිබෙන දිමංක වෙල්ලාලගේ වෙනස්ම වූ ආරක ගීතයක් රැගෙන රසික සිත් අතරට පැමිණ සිටිනවා. විරහවෙන් මිදී ආදරයේ සොඳුරු බව ගැන කියන මේ ගීතය කිව්වෙ කා වෙනුවෙන්ද කියලා දැනගන්න අපි දිමංකට කතා කළා.

එතකොට දැන් දිමංක දපනෙ වැටුණද?
ඔව් ඉතින් දැන් දපනෙ වැටිලා ඉන්නෙ.

ඒකද කලින් අඬපු දිමංක ආදරේ ගැඹුර ගැන මේ විදියට ගයන්න ගත්තෙ?
ඇත්තටම මම මුලින් ගැයුවෙත්, අදටත් ගොඩක් කැමතිත් විරහ ගීත කියන්න. මොකද විරහව මගෙ කටහඬට ගැලපෙනවා කියලා මට හිතෙනවා. ඒ වගේම රසිකයොත් ගොඩක් කැමති මගෙ විරහ ගීතවලට. නමුත් මට තේරුණා ඒක ඒකාකාරීයි කියලා. හැමදාම එකම දේ කරද්දි ඒක සාමාන්‍ය දෙයක් වෙනවනෙ. ඒක නිසා මම කල්පනා කළා මම පෞද්ගලිකව වෙනස් වුණොත් හොඳයි කියලා. එතකොට තමන්ගෙ ගමන සම්බන්ධව ඇතිවෙන ආකල්පය වෙනස් වෙනවා. ඒකාකාරී දෙයක් කරලා පවතින්න අමාරුයි. මේ හැමදේම සම්මිශ්‍රණය වුණාම පරිපූර්ණයිනෙ. ඒ නිසා මම කල්පනා කළා හැමදාම පරණ තැන ඉන්නෙ නැතිව අලුත් වෙන්න.

ඒ වගේ වෙනසකට ගියේ වෙනම හේතුවකට කියලයි අපි නම් දන්නෙ?
ඒ මොකද්ද?

ඇත්ත ද විවාහ වුණා කියන්නෙ?
ගොඩක් කල් ඉඳන් සම්බන්ධයක් තිබුණා. ඒ වුණාට ඒ විස්තර ඉතින් පෞද්ගලිකයිනෙ නේද?

ඒ ගැන කතා කරන්න අකමැති ජනප්‍රියත්වය අඩුවෙයි කියල ද?
එහෙම දෙයක් නෑ. රසිකයන්ගෙ ආදරේ අඩුවක් නෑ. මේ වනතුරුත් එහෙම වෙලත් නෑ. මීට පෙර තිබුණු රසික ප්‍රතිචාරවලට වඩා දැන් ලැබෙන ප්‍රතිචාර ඉහළයි. මොකද දැන් රූපෙන්, නමින් මාව දන්න හඳුනන විශාල පිරිසක් ඉන්නවා. ඒ ගැන ඇත්තටම මම ආඩම්බර වෙනවා. මීට අවුරුදු දෙක තුනකට පෙර එවැනි ප්‍රතිචාර තිබුණෙ නෑ.

දිමංක ප්‍රශ්න වලින් මග අරිනවා නේද?
අනේ නෑ. මම ප්‍රශ්නවලින් මග අරින්නෙ නෑ. කවදාවත් ප්‍රශ්නවලට බයේ හැංගිලා ඉඳලත් නෑ. ඕනම දේකට මුහුණ දෙනවා. ඇත්ත කතා කරනවා.

ඒ කියන්නෙ මේ වෙනසට විශේෂ හේතුවක් ඇත්තෙම නෑ?
මෙහි මූලික අදහස තිබුණෙ මට තමයි. මේ වගේ අදහසක් හිතේ තියාගෙන ඉද්දි මුලින්ම මගෙ ඔළුවට ආවෙ ප්‍රවීන මාධ්‍යවේදී ගී පද රචක කැලුම් ශ්‍රීමාල් අයියව. ඉතින් මම කතා කරලා කිව්වම මට මේ ගීතය ඔහු නිර්මාණය කරලා දුන්නා.

එතකොට සංගීතය කළේ සදීප්ත ගුණවර්ධන. ඊට අමතරව මේ වෙනුවෙන් තවත් අය සම්බන්ධ වෙනවා. ජනනාත් වරකාගොඩ තාල වාද්‍ය වාදනය කළේ. වායෝ සංගීත කණ්ඩායමේ කී බෝර්ඩ් වාදන ශිල්පී සේනාංග කී බෝර්ඞ් වාදනය කළේ. ඒ වගේම පසන් ලියනගේ ඇතුළු බොහෝ දෙනෙක් මේ වෙනුවෙන් සහය දැක්වූවා. ඒ හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵලය මම අද භුක්ති විඳිනවා කියලා හිතෙනවා. මොකද මමම තනියම නිර්මාණය කරගත්ත ගීතයක් මේ. කිසිම ආයතනයකින්වත් පුද්ගලයෙක්වත් සම්බන්ධ වෙලා නැතිව මගෙ තනි අදහසට කරපු වැඩක්නෙ මේ.

ඉතින් ඉඳලා ඉඳලා කරපු වෙනස හොඳයි ද?
ඔව්, ඉතා සාර්ථකයි. මම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ ප්‍රතිචාර ගීතයට ලැබෙනවා. මම හිතන්නෙ වෙනස් යමක් කරන්න තිබෙන බය මුලින්ම නැති කරගන්න ඕනෑ. ගීත නිර්මාණ කරලා අත්හදා බැලීම් කරන්න ඕනෑ. ඒ වගේ වටිනාකම් අපිට ළඟ ළඟ නොලැබුණත් යම් කාලයක් යද්දී ලැබෙනවා. ඉතින් ඉදිරියට මෙහි මියුසික් වීඩියෝවකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විවිධ වූ තේමාවන් යටතේ ගීත නිර්මාණ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

මේ හැමදේමත් එක්ක ප්‍රසංග වේදිකාවෙ වැඩ කටයුතු කොහොම
ප්‍රසංග වේදිකාවෙ වැඩ කිසි ප්‍රශ්නයක් නෑ හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉදිරියෙදී ජපානයට සහ ඊශ්‍රායලයට විදේශ සංචාර සඳහා ආරාධනා ලැබිලා තියෙනවා.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!