Gossip

මුහුණ විරූපීව ඉපදුණත් ජීවිතය දිනපු කෝඩිගේ කතාවයි මේ…..

අපි මේ කියන්න යන්නේ විශාල ප්‍රමාණයේ උපන් ලපයක් නිසා මුහුණ විරූපීව ඉපදුණු කෙනෙක් ගැනයි.

ඇය කෝඩි හෝල්. 1992 වර්ෂයේ තමයි ඇය උපදින්නේ. ඒ උපදින්නේ මුහුණේ දරුණු විරූපීයතාවයක් සමග.

මේ විරූපීතාවයට හේතුව විශාල ප්‍රමාණයේ උපන් ලපයක්.

මේ උපන් ලපයෙන් ලැබූ විරූපීතාව නැති කිරීමට පුළුවන් කවුරුත් නෑ කියලා තමයි වෛද්‍යවරුන් පවා කියලා තියෙන්නේ.

කොහොමවුනත් වෛද්‍යවරුන්ගේ මේ කියමන පිළිගත්තේ නැති කෝඩිගේ අම්මා තමන්ගේ දියණියගේ මුහුණ සුන්දර කරන්න විවිධ විදියට උත්සාහ කරලා තියෙනවා.

ඊටපස්සේ තමයි විරූපීතාවයන් සැත්කම් මගින් ප්‍රකෘති කරන්න පුළුවන් ඇමෙරිකානු වෛද්‍යවරයෙක් ගැන ඇය දැනගන්නේ.

පවුම් 230,000ක් එක්ක ඇය වසරක් වයසැති කෝඩිද කැටුව ඇමරිකාවේ රූස්වෙල්ට් රෝහලට ගිහින් තියෙන්නේ ඒ අනුවයි.

මේ කාලයේදී කෝඩිට සැත්කම් 18ක් විතර සිදුකරලා තියෙනාව.

කෝඩි කියලා තිබ්බේ මේ වගේ කතාවක්. “පාසල් කාලයේදි හුඟදෙනෙක් මං දිහා බලනකොට ලොකු අසීරුතාවයක් ඇතිවුණා. ඒත් කාලයත් එක්කම මිනිස්සු තේරුම් ගත්තා මම කවුද කියලා. හුඟ දෙනෙක් මගෙ වෙනස දැකලා සුබ පැතුවා.”

කෝඩිට තම ස්වාමි පුරුෂයා වන 27 හැවරිදි ලුවිස් හෝල්ට් හමුවන්නේ අදින් වසර අටකට පමණ පෙරයි.

පසුගිය ජූනි මාසයේ දී ඔවුන් විවාහ ගිවිස ගෙන තිබෙනවා.

“මේ දවස මට වඩාත් හැගුම්බර දවසක්. මට කඳුලු එනවා. ඒ සියල්ලම සතුටු කඳුලු. මට වුවමනා වුනේ මේ සියල්ලන්ගෙම සතුටුදායක අවසානයක් හැමෝටම පෙන්වන්නයි.” කියලා තමයි කෝඩි කියලා තියෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!