Gossip

ඇති වූ ගැටුම ගැන දික්වැල්ල ප්‍රථම වරට මාධ්‍යට අදහස් දක්වයි

ශ්‍රි ලංකා කඩුළු රකින ක්‍රිඩක මෑත කාලයේදී ඉතා උනන්දුවෙන් ක්‍රිඩා කරන නිරෝෂන් දික්වැල්ල පසුගියදා පලමු ටෙස්ට් තරගයේ සිදු වූ ආන්දෝලාත්මක සිද්ධිය ගැන පලමු වරට ජාත්‍යන්තර මාධ්‍යට අදහස් දක්වා තිබෙනවා.
දික්වැල්ල පවසන්නෙ එවන් උසුළු ලෝක ක්‍රිකට් ක්‍රිඩාවේ වේලාව ගත කිරීමට සදහා එක් එක් උපක්‍රම අතීතයේදී පවා සිදු වී ඇති බවයි.මෙම සිද්ධිය ඇති වීමට හේතු වූයේ එම පන්දුවාරයේ කලින් පන්දුවට ඔවුන් වැරදි ලෙස පන්දු රකින්නන් යොදවා යැවූ පන්දුවකට එල්ල කල හයේ පහර සහ එය විනිසුරු වරුන්ට පවසා නිපන්දුවක් කරගත් නිසා නායක කෝලි ඇවිත් විනිසුරුවන්ගේ වැඩේ එයාලා කරයි ඔයා වද වෙන්න එපා කියමින් ඇති වූ කතා බහ බවයි.

දික්වැල්ල පවසන්නේ එයට රිටන් එක දීමට හොදම අවස්ථාව පන්දු යවන්නාගේ කාලය ගැනීම සිදුකල යුතු බවයි.ඒක් හරි විනෝද ජනක සිද්ධියක්.මං ඒ සටනින් ජය ගත්තා යනුවෙන් දික්වැල්ල පවසනවා.පසුව පන්දු යවා ශාමි මට මෙසේ පැවසුවා.මම මේ රටේ එකා මම කල්කටාවේ එකෙක් කියලා මං කිව්වා බෝලෙ හොදයි හොද වේගයකින් බවුන්ස් වෙලා ආවා කියලා මේ අපූරු ක්‍රිඩකයා පවසනවා.දික්වැල්ල පවසන්නේ මං මගේ වෙලාව ගත්තා ශාමි කලබල වුනා .

මං ඒ සිද්ධියට සතුටු වෙනවා.අනෙක් අන්තයේ අපේ නායකයා හිටියා.මට කිව්වේ කලබල වෙන්න එපා කියලා.ගනන් නොගෙන සෙල්ලම් කරන්න කියලා.දික්වැල්ල තවදුරටත් පවසන්නේ මට එතනදී හිතුවක්කාර වෙන්න ඕන උනේ නැති බවත් මීට පෙර මෙවන් සිද්ධිවලට තහනම් ලබා ඇති බවත් එම අවස්ථාවේදී එය මතක් වූ බවත් එම නිසා ඒ සීමාව පනින්න ඕන වුනේ නැති බවත් සිනාසෙමින් දික්වැල්ල මාධ්‍යට පවසා තිබෙනවා.කෝලි යනු ලොව සිටින ආවේගශීලී පිතිකරුවෙකු නිසා ඔහුත් පිටිය මැද මෙවන් දේ කරන බවත් කඩුළු රකින විට මෙවන් පීඩනයක් අනෙක් කණ්ඩායමට දීමට තමන්ද උත්සහ කරන බවත් පවසන 24 හැවිරිදි දික් වැල්ල ඉන්දියානුවන්ට මේ සිද්ධි නිසා අඩුම තරමේ පන්දුවාර දෙක තුනක්වත් අහඅමි වූ බව පවසනවා.ඉන්දියානුවන් දික්වැල්ලගේ පලු අරිමින් සමාජ ජාල තුල විවේචනය කරමින් සිටියදආනල්ඩ් සහ මහේල ප්‍රකාශ
ප්‍රකාශ කරන්නේ මෙවන් ආක්‍රමනශිලි ක්‍රිඩකයෙක් රැක ගැනීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත යුතු බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!