ඉන්දීය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ගේ හිස ගසා දමන අයෙකුට ඉන්දීය රුපියල් කෝටි 100 ක තෑග්ගක් දෙනවා කියලා ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.
ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ හින්දු ජාතිකවාදී නායකයෙක් වෙන ඉන්දියාවේ හර්යානා ප්‍රාන්ත නායක සුරාජ් පාල් අමූ තමයි මෙහෙම කියලා තියෙන්නේ.
බොලිවුඩ් සුරූපිනී දීපිකා සම්බන්ධයෙන් මෙසේ විරෝධයක් ඇතිවෙලා තියෙන්නේ ඇය ප්‍රධාන චරිත නිරූපණය කරන, දෙසැම්බර් පළමු වැනිදා සිට තිරගතවීමට නියමිත ‘පද්මාවතී’ චිත්‍රපටය මුල්කරගෙනයි.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‘පද්මාවතී’ ලෙස රංගනයෙන් දායක වන දීපිකාට විතරක් නෙවෙයි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සන්ජේ ලීලා බන්සාලිට ද මේ වනවිට ඉන්දියාවේ හින්දු ජාතිකවාදීන්ගෙන් විරෝධය එල්ල වෙමින් තිබෙනවා කියලා වාර්තා වෙනවා.
පද්මාවතී චිත්‍රපටය ඉතිහාස කතාවක්. පද්මාවතී යනු මුස්ලිම් පාලකයකු සමඟ විවාහ වන හින්දු රැජිනකි. හින්දු ජාතිකවාදීන් ප්‍රකෝප කිරීමට පද්මාවතී චිත්‍රපටය හේතුවෙලා තියෙන්නේ ඒක නිසාලු.
චිත්‍රපටය තිරගත කිරීම වැළැක්වීමට ද හින්දු ජාතිකවාදීන් උත්සාහ ගන්නා බවත් පූනේ අධිකරණයක් මේ වනවිටත් ප්‍රාන්ත සිනමා ශාලාවල ‘පද්මාවතී’තිරගත කිරීම තහනම් කිරීමට වාරණ නියෝගයක් නිකුත් කරලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා.