කාලි මෑණියන්ගේ පිහිට පතා එන බොහෝ බැතිමතුනට ඇය පිහිට වන්නීය.
තම කාරණය ඉෂ්ට වූ පසු බාරහාර ඔප්පු කිරීමට ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් දේවාලයට පැමිණෙන බැතිමතුන්ගෙන් ඒ බව මොනවට පැහැදිලි වෙයි.
ඇය තංගල්ලේ චන්ද්‍රාය. ඇයගේ ඥාති සොහොයුරියගේ පුතකුගේ මිත්‍රයකු රැකියාවක් නොලැබ කාලයක් ගත විය.
සුදුසුකම් තිබුණද රැකියාවක් නොලැබීම ගැන ඔහු සිටියේ කනස්සල්ලෙනි.
කාලි මෑණියන්ගේ බැතිමතියක වූ චන්ද්‍රා එම තරුණයාට උපදෙස් දුන්නේ හලාවත මුන්නේශ්වරම ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා කෝවිලට ගොස් බාරයක් වන ලෙසය.
ඔහු මහේන්ද්‍රසාමි හමුවී කාලි මැණියන්ට බාරයක් විය. මාස තුනක් ඇතුළත ඔහුට රජයේ රැකියාවක් ලැබිණි.
දැනට සතියකට කලින් අම්මයි තාත්තයි කෝවිලට ආවා මාව හොයාගෙන.
ඒ අය ආවේ ඔවුන්ගේ අවුරුදු 5ක් වන දුවත් එක්කයි. ඒ අය ඇවිත් අවුරුදු 1 1/2කට ඉස්සෙල්ලා වුණු සිද්ධියක් මට මතක් කළා.
සාමිට මතකද දන්නේ නෑ අපි දැනට අවුරුදු දෙකහමාරකට ඉස්සෙල්ලා කෝවිලට ආවා.
එතකොට මේ දරුවට අවුරුදු 2ක් පමණ ඇති. මෙයාගේ හදවතේ ලෙඩක් තිබුණා.
ඔපරේෂන් කරන්නයි හිටියේ. එදා අපි ආවේ මෑණියන්ට බාරයක් වෙන්නයි. සාමි එදා මෑණියන්ට අපේ කන්නලව්ව කියලා දෙහි කපලා ආශිර්වාද කළා. කහ නූලකුත් මේ දරුවාගේ අතේ බැන්දා.
අපි ඉස්පිරිතාලෙන් දරුවට ප්‍රතිකාර කළා. දොස්තරලා කිව්වේ ළමයට බැරෑරුම් ඔපරේෂන් එකක් කරන්න වෙනවා කියලයි.
අපි හොඳටම බය වුණා. ඔපරේෂන් එක කරන්න අපේ කිසිම කැමැත්තක් තිබුණේ නෑ. ඒකයි එදා අපි දරුවවත් අරගෙන කාලි මැණියන් ළඟට ආවේ පිහිටක් පතාගෙන.
දැන් සාමිට මතක ඇතිනෙ.
ඔපරේෂන් එකට කැමැති නැතිවුණු නිසා දොස්තරවරු බෙහෙත් දුන්නා.
දරුවට බෙහෙත් දෙන කොටත් අපි කාලි මැණියන් සිහි කළා. මාස තුනයි බෙහෙත් දුන්නේ. දරුවා ක්‍රමක්‍රමයෙන් සුවපත් වේගෙන ආවා. දොස්තර මහත්තුරු කිව්වේ දරුව සුවපත් වේගෙන එන බවයි.
තව මාස හයක් යන තුරු ප්‍රතිකාර කළ යුතු බව දොස්තරලා කීවා. වෛද්‍ය වාර්තාවලට අනුව දැන් දරුවාට හොඳටම සුවයි.
අපි ඇවිදින් කාලි මෑණියන්ට වුණු බාරය ඔප්පු කළා. ඔබතුමාට මතක නැතිව ඇති.
අද අපි ආවේ මෑණියන් වැඳ පුදාගෙන යන්නයි. ඒ අය එහෙම කිව්වම මට මතක් වුණා ඒ අය එදා කෝවිලට ආවේ හැඬූ කඳුලෙන්. මට හරිම සතුටුයි දැන් ඒ කුඩා දැරියට අවුරුදු පහක්.
දුව පැන සෙල්ලම් කරනවා. මෑණියන්ගේ හාස්කම් එහෙමයි. හලාවත මුන්නේශ්වරම ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍ර සාමි කීය.
