කාලෙන් කාලෙට කරළියට එන එක එක සිද්ධි අතර දැන් ඉහළින්ම ඉන්නේ සඳ දෙවිදු.
ගංගා මෑණියෝ ගැන කාලයක් මුහුණුපොත පුරාම කතාවුණා.
ඒ කතාබහ පැත්තකට ගිහින් කරළියට ආපු සඳ දෙව්දු ගැන වෙබ් ගොසිප් අපි ඉස්සෙල්ලම ඔබට කිව්වා.
මේ කියන්න යන්නේ මේ සඳ දෙවිදු ගැන තරුණයෙක් මුහුණුපොතේ දැමූ සටහනක් ගැනයි.
ඇත්තටම කවුද මේ සඳ දෙවිදු කියන්නේ..
පැතිර යන ආරංචිවලින්නම් කියන්නේ මොහු සෝවාන් වුණු කෙනෙක් කියලයි.
අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන ඡායාරූපවලින්නම් පෙනෙන්නේ ඔහු ගෙදරක දවල් කෑමකට ගිය අවස්ථාවක ගත්ත ඡායාරුප කිහිපයකුයි.
සුපිරි කෑම මේසයක ඉදන් වගේම අතුරුපස ගන්න ගමන් සඳ දෙවිඳු ගහපු සෙල්ෆී ඡායාරූපයකුත් තියෙනවා.
අනගාරික ජීවිතයක් ගත කරනවා කියලා පෙන්වන මොහු අදින ඇඳුම් ඉතාමත් මිල අධික ඒවා බවයි වාර්තා වන්නේ.
තරුණයෙක් මුහුණුපොතේ දැමූ සටහන පහතින්..
මේ ඉන්නේ සඳ සෙව්දූ
ඇත්තටම මේ සෝවාන් වූ කෙනෙක්..
මොහු ආවේ මම දන්න කෙනෙක්ගේ ගෙදරකට. ඔහු හරිම අල්පේච්ච ජීවිතයක් ගත කරන කෙනෙක්.
ඔහු මාස තුනකින් කෑවේ නැති කෙනෙක්. ඔබ විශ්වාස කරන්නෙවත් නැතුව ඇති. ඔහු මේ නිවසට වැඩම කල වෙලාවේ පස් වතාවක් බත් බෙදාගෙන කාලා තියෙනවා. අතුරුපස වර්ග දෙකක් තුන් වරක් බැගින් ආහාරයට ගෙන තිබෙනවා.. හැබයි අපට ඒක ගොඩක් වගේ දැනුනට ඔහු ඒ මාස තුනකටම ගත්ත අල්පේච්ච ආහාර ස්වල්පය..
ඔහු අඳින ඇඳුම් මිලෙන් ඉතා අධික ඒවා. ඔහු අපි වගේ විවිධ ෆැෂන්, ආලවට්ටන පස්සේ යන්නේ නැති අල්පේච්ච චරිතයක් නිසයි ඔහු අඳින සුළු ඇඳුම පවා මිල අධික වෙන්නේ..
ඇත්තටම ඔහු මෙම නිවසට ඇවිත් තිබුණේ කකුල් දෙකෙන් වුනාට,ආයේ ගිහින් තිබුනේ ඉර්දියෙන්..