තාක්ෂණයේ දියුණුවට සමගාමීව සියලු ක්ෂේත්රයන් දියුණු වෙමින් පවතී. තාක්ෂණයේ තොරව පැවතිය නොහැකි සෞඛ්‍ය ක්ෂේත්රයේද තාක්ෂණයට සමගාමීව දියුණු වූ අවස්ථාවක් පසුගියදා දකුණු ඕස්ට්‍රේලියාවෙන් වාර්තා විය.
ඒ දකුණු ඕස්ට්‍රේලියාවේ පර්යේක්ෂකයන් පිරිසක් විසින් හදවත් හා ස්වසන වේගය දුරස්ථව මැනගත හැකි ඩ්‍රෝන යානාවක් නිපදවීමත් සමගිනි.
ආරෝග්‍යශාලා,සාත්තු නිවාස සහ යුද කලාප තුළ මෙම ඩ්‍රෝන යානා යොදා ගත හැකි අතර මෙහිදී මිනිසුන්ගේ මුහුණේ සහ බෙල්ලේ හැඟීම් නිරීක්ෂණයෙන් හෘද ස්පන්දනය සහ හුස්ම ගැනීමේ වේගය නිවැරදිව මැනගත හැකිය.
විශේෂයෙන් නිර්මාණය කරන ලද ඇලගරිතම සමඟ ඒකාබද්ධ කරන ලද මෙම රූප සැකසුම් පද්ධතියෙන් එකවරම මිනිසුන් කිහිපදෙනෙකු ගේ හද ගැස්ම සහ හුස්ම ගැනීමේ වේගය මැනීමේ හැකියාව ඇත.
නව ඩ්‍රෝන යානා මීටර් තුනකින් ඈතක සිට නිරීක්ෂණයට යොදාගත් නමුත් ඊට වඩා දුරකින් සිටින පුද්ගලයෙකුගේ හෘදයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණ කළ හැකි වීම මෙහි විශේෂත්වය වේ.
ව්‍යාපෘති අධ්‍යක්ෂක පුවාන් චාල් මහතා පවසන්නේ ඩ්රෝනයනාවෙන් ස්වයංක්‍රීයව එක් පුද්ගලයෙකුගේ නොව කීප දෙනෙකුගේම හද ගැස්ම සහ ස්වසන වේගය වෙන වෙනම ගණනය කිරීමට හැකි බවයි. මෙම නව සොයා ගැනීම සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් නව පෙරළියක් සිදු වී ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති.
යම් පුද්ගලයෙකු අනතුරට පත් වූ අවස්ථාවක වෛද්‍යවරයෙකුට ඒ ස්ථානයට ළඟා විය නොහැකි විට මෙය ආරක්ෂක විකල්පයක් ලෙස ද යොදා ගත හැක. සාගර වැනි ස්ථානවල කරදරවලට මුහුණ දුන් අය වෙත ඉක්මනින් හා ආරක්ෂිතව ළඟා විය හැකි නිසා මෙය අවස්ථාවෝචිතව යොදාගත හැක.
ලන්ඩන් ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ රොබෝ තාක්ෂණය සම්බන්ධ කථිකාචාර්ය රවි වෛද්‍යනාතන් මහතා පවසන්නේ වෛද්‍ය විද්‍යාවේ දියුණුවට තාක්ෂණය යොදා ගත් අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකි බවයි.