Gossip

රිතික් ” තෝර්ට ” හඬකවයි

මේ වන විට අති සාර්ථකව ලොවපුරා ප්‍රදර්ශනය වන “තෝර් – රග්නාක්” චිත්‍රපටිය ඉන්දියාවේද හින්දි භාෂාවෙන් හඩකවනු ලබන්නෙ සුපිරි බොලිවුඩ් සිනමා නළු රිතික් රෝෂන් බව සදහන් වේ.
එමෙන්ම සෙසු චරිත සදහාද ඉන්දීය ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු නිලියන් සම්බන්ධව සිටින බව වාර්ථා වේ.

” තෝර් – රග්නාත් ” චිත්‍රපටිය දැනට ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් උපයාගෙන ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 431කි.එය මේ වසරේ තිරගත වූ හොලිවුඩ් චිත්‍රපටි අතරින් වැඩිම ආදායමක් උපයාගත් 12 වෙනි චිත්‍රපටිය වේ.
කෙසේ වෙතත් අඩු දින ප්‍රමානයකින් මෙම මුදල උපයා ගැනීමට සමත් වූ නිසාම බොහෝ සිනමා විචාරකයන් පවසන්නේ තෝර් – රග්නාක් චිත්‍රපටය අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක සීමාව පහසුවෙන් ඉක්මවා යනු ඇති බවය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!