හොලිවුඩ්

අවසානයට පෙර ඈ ගියා

සෙලීනා හොලිවුඩයේ සුපිරි ගායිකාවක් වගේම නිළියක්. සෙලීනා ගෝමස් කියන නම ඇහුණ ගමන් මතක් වෙන්නේ බීබර්ව කියන එක ඉතින් අහන්නත් දෙයක් නෙමෙයිනේ. වයස අවුරුද් 20 ක් වෙන සෙලීනා ගෝමස් 18 හැවිරිදි ජස්ටින් බීබර් එක්ක ප්‍රේම සම්බන්ධයක් තියාගෙන හිටියා කියන එක අපි කොයි කවුරුත් දන්න කියන දෙයක්නේ.

 

හැබැයි ඉතින් පැණි වරකා ගහටත් හෙණ ගහනවා කිව්වා වගේ මේ දෙන්නගේ ආදරයටත් කාගේ හරි ඇස්වහක් වදින්න ඇති. කොහොම හරි දැන් දෙන්නාගේ සම්බන්ධය නතරවෙලා කියලායි ආරංචි වුණේ.

 

අවුරුදු 2 ක් තිබුණ මේ දෙන්නාගේ සම්බන්ධය නතර වෙලා තියෙන්නේ පහුගිය 10 වෙනිදාලු. සෙලීනාගේ යාළුවෝනම් හිතලා තියෙන්නේ සෙලීනාව ආයෙත් යාළු කරගන්න බීබර්ට පුළුවන් වෙයි කියලයි. මේ සම්බන්ධය නතර වුණ එක ගැන සෙලීනාගේ යාළුවෝනම් ගොඩක් සතුටු වෙනවා. ඒ අයනම් කියන්නේ බීබර් වෙනුවෙන් පහුගිය අවුරුද්දේම අඬ අඬා හිටපු එක පුදුමයි කියලායි.

”ඒක කියන්නත් හරිම වේදනාබර අත්දැකීමක්. ‍සෙලීනා පහුගිය අවුරැද්දේම කරේ බීබර් නිසා අඬපු එකයි” සෙලීනාගේ යාළුවෙක් කියලා තිබුණේ එහෙමයි. “සෙලීනා මේ සම්බන්ධය නවත්තන්න මීට කලින් උත්සහ කරා. ඒත් ඒ හැම සැරේම දෙන්නා ආයෙත් එකතු වුණා.”

ඒත් මේ සැරේනම් එහෙම වෙන එකක් නෑ කියලායි එයාලා කියන්නේ. හොලිවුඩ් ආරංචි මාර්ගනම් කියන්නේ ජස්ටින් කොහොම හරි ආපහු සෙලීනාව එයාගේ ළඟට අරගනියි කියලයි. මොකද ජස්ටින් බීබර් කියන්නේ ඕන කරන දේ කොහොම හරි ලබාගන්න කෙනෙක්නේ.

ආදරය කරන දෙන්නෙක් වෙන් වෙන එකනම් ඉතින් එච්චර හොඳ දෙයක් නෙමෙයි. කොහොම හරි මේ දෙන්නා මුලදී හිටියා වගේම සතුටින් ඉන්න ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරමු. හැබැයි ඉතින් ගැළපෙන්නේ නැති දෙන‍්නෙක් එකට ඉන්නවට වඩා වෙන් වෙන එකත් හොඳයි. මොන දේ වුණත් දෙන්නෙක්ගේ ආදරයක් ගැන කියන්න අපිට අයිතියක් නෑනේ. දෙන්නටම හොඳක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.

6 Comments

6 Comments

  1. සලින්ද - හලාවත

    November 20, 2012 at 4:40 pm

    මෙයාල සාමාන්‍යෙන් ඔහොමයි කියලා අපි දන්නවානේ.. ඔක්කොම කරලා ඉවරවෙලා අයි ඈම් සොරී… අයි ඩිඩ්න්’ට් මීන් කියලා රෙදිටිකත් අරන් උදේ යන කට්ටිය ඔය…

    • Fantine

      December 19, 2012 at 10:06 am

      Okay I’m cnoivnced. Let’s put it to action.

  2. eoiundrcpn

    December 9, 2012 at 7:00 pm

    900dYW

    • Yesmin

      December 20, 2012 at 2:01 pm

      This post has helped me think things thorugh

  3. Pharma589

    February 21, 2013 at 7:20 pm

    Hello! cfbkgfg interesting cfbkgfg site! I’m really like it! Very, very cfbkgfg good!

  4. Pharma179

    February 21, 2013 at 7:20 pm

    Hello! ddagbdg interesting ddagbdg site! I’m really like it! Very, very ddagbdg good!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!