හොලිවුඩ්

නිකමට වගේ කරපු වැඩක්…!

ඇන්ජලීනා ජොලී කියන්නේ ඔයාලා අපි කවුරුත් දන්න කියන හොලිවුඩයේ සුප්‍රසිද්ධ නිළියක්නේ. ජොනී ලී මිලර් එක්ක මුලින්ම විවාහ වෙලා හිටපු ඇන්ජලීනා ඊට පස්සේ විවාහ වුණේ බිලි බොබ් තෝර්ට්න් එක්ක. තිබිච්ච නොගැලපීම් නිසා බිලීගෙන් වෙන්වුණු ඇන්ජලීනා දැන් ජීවත් වෙන්නේ බ්‍රැඩ් පිට් එක්කයි. මේ දෙන්නා දැන් ළමයි 6 දෙනෙක්ගේ දෙමාපියෝනේ. ඇන්ජලීනා ගැන වටින් පිටින් ඔය කියන දේවල් ටික කිව්වට අද අපි කියන්න හදන්නේනම් ඒක නෙමෙයි.

ඇන්ජලීනා 2011 දී චිත්‍රපටියක් ලිව්වානේ. ඇන්ජලීනා ඒ ගැන එයාගේ අදහස් මාධ්‍යට කියලා තියෙනවා. ඇන්ජලීනා කියලා තියෙන විදිහට චිත්‍රපටියක් අධ්‍යක්ෂණ කරන්න එයාට කිසිම විදිහක අදහසක් තිබිලා නෑ. ඇන්ජලීනා මේ චිත්‍රපටියේ තිර පිටපත ලියලා තියෙන්නේ නිකමට වගේලු. ආසාවට වගේ ලියපු ඒ තිරපිටපත චිත්‍රපටියක් විදිහට අධ්‍යක්ෂණය කරපු ඇන්ජලීනා කියන විදිහටනම් ඒක මනසට හොඳ ව්‍යායාමක්. කොහොම හරි කමක් නෑ නිකමට වගේ කරපු දේකින් ඇන්ජලීනත් චිත්‍රපට අධ්‍යක්ෂවරියක් වුණා.

1 Comment

1 Comment

  1. Dilupa

    February 25, 2013 at 12:15 am

    In the Land of Blood and Honey. බොස්නියානු සිවිල් යුද්දය තිබුන කාලෙ මුස්ලිම් වරුන්ට වෙච්ච තාඩන පීඩන ගැන කියවෙන ලස්සන ෆිල්ම් එකක්. ඒ අතරට ආදර කතාවකුත් එකතු කරල තියනව. නිකමට හරි AJ කරපු වැඩේ නම් නියමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!