ඩොලර් බිලිනයක වියදමින් ඉදිකල න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ ඇමෙරිකානු ගුවන් යානා ගෙනයන යෝධ නෞකාවක් වූ Nimitz කොළඹ වරායට මුහුදු සැතපුම් 150 ක් ඈත මුහුදේ නතර කර තිබෙනවා.
මෙම නැවේ දිග අඩි 1092 කි. පැයට සැතපුම් 31.5 ක වේගයෙන් යාත්‍රා කළ හැකි නිමිට්ස් නැවේ ගෙන යා හැකි ගුවන් යානා සහ හෙළිකොප්ටර් 90 ක්.
නැවියන් හා නිලධාරීන් 3200 ක් සිටින මෙම යෝධ නැවේ ගුවන් යානා ඒකකයේ පමණක් 2700 ක් සේවය කරනවා.
මුළුමණින්ම අධි තාක්ෂණික නැවක් වූ නිමිට්ස් අද්මිරාල් නිමිට්ස් සිහිපත් කිරීම සඳහා නම් කර තිබෙනවා.
ටොන් 10,0020 ක් බරැති නිමිට්ස් නැවේ විශාලත්වය අක්කර 4 1/2 කට සමානයි.
ඉරානයේ සිරගත කර සිටි ඇමරිකානුවන් 52 ක් බේරා ගැනීමේ මෙහෙයුම දියත් වූයේද Nimitz නැවේ සිටයි.
එහෙත් ඉරාන කාන්තාරයේදී හෙළිකොප්ටරයක් කඩාවැටීමෙන් එම මෙහෙයුම අවලංගු විය.
1981 දී මෙම නැවේ තට්ටුව මත ප්රොවල් යානාවක් කඩා වැටීමෙන් නැවියන් 14 ක් මරුමුවට පත්වූ අතර ඔපරේෂන් ඩෙසට් ස්ට්‍රොaම් මෙහෙයුමටද සම්බන්ධ Nimitz නැවේ බලගතු මිසයිල පද්ධතියකින්ද සමන්විතයි.
