Gossip

අවසන් ගමන් ගිය හබරණ “අලි පියා” නම් සොඳුරු මිනිසා සිහිවෙන්න පපුවේ පච්චයක් කොටාගත් පුතා නිසල් – Photos

පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී.
මේ ලෝකේ නිහඬව ආදරවන්තයා තාත්තා කිව්වොත් ඒක නිවරදියි.
හැම දුකක්ම උහුලගෙන දුක් දහදිය කඳුලු වගුරලා තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් වගේම තම පවුල ජීවත්කරවන්න අපමණ දුක් කන්දරාවක් විඳිනවා.
ඒ සෙනෙහස ගැන කෙතරම් ගුණ වැයුවක් කියලා නිමකරන්න බැහැ.
තාත්තගේ ආදරණීය සෙනෙහස අපෙන් දුරස් වුණොත් ඒ වේදනාව ඒ අඩුව පුරවන්න කාටවත්ම බැහැ.
ඒ විදිහට තමන්ගේ ආදරණීය තාත්තා හදිසියේම මේ ලෝකේ දාලා ගිය සිද්ධියෙන් පස්සේ තාත්තගේ සේයාව සහිත පච්චයක් පපුවේ ගහපු අපූරු පුතෙක් ගැන අපිට හබරණ පැත්තෙන් අහන්න ලැබුණා.
නමින් ඔහු නිසල්.
නිසල්ගේ තාත්තා තමයි හබරණ ජීප් සෆාරි වල නිර්මාතෘ.
ඔහු ප්‍රියා ගමගෙදර.එහෙමත් නැත්තන් කවුරුත් ඔහුව දන්නේ අලි ප්‍රියා නමින්.
මේ සොඳුරු මිනිසා නිසා අදටත් හබරණ ප්‍රදේශයේ මිනිසුන් පන්දාහකට වැඩි පිරිසක් තම ජීවිත ගමන ගැටගහගන්නවා.
ඔහු නිසා ඍජු සහ වක්‍රාකාරයෙන් රැකියා අව්ස්ථා රාශියක් හබරණ ප්‍රදේශයේ බිහිවෙලා.
ඉතිං හිතුවෙවත් නැති දවසක තමන්ගේ තාත්තගේ වියෝව ගැන නිසල් අපිට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
“තාත්තා අපිව දාලා ගියේ අප්‍රේල් මසේ. අසනීපයක් තිබුුණේ නෑ. තාත්තා නැතිවෙලා තිබුණේ හදවත් රෝගයකින්.
තාත්තා තමයි හබරණ කැලේ සෆාරි හදුන්වාදුන්නේ. තාත්තා අපිව දාලා ගිය දවසේ තාත්තා කැලේ ටුවර් එකක හිටියේ. 10 ට විතර අම්මටත් කතා කරලා තිබුණා.
11 ට විතර තමයි නැතිවෙලා තියෙන්නේ. නින්දෙන්ම තමයි අපේ තාත්තා අපිව දාලා ගිහින් තිබුණේ. තාමත් අපිට ඒක හිතාගන්න බෑ. ගොඩක් ළඟින් අපි තාත්තා එක්ක හිටියේ. තදටම හිතට දැනුනා මේ වෙන්වීම. ජීවිතේට ආයෙමත් ඒ වගේ කෙනෙක් අපිට ලැබෙන්නේ නෑ. නංගිලා දෙන්නත් තාමත් ඉන්නේ දුකෙන්.. තාත්තගේ බිස්නස් එක දැන් මම කරගෙන යනවා.. මට හිතුනා ඒ මතකයත් එක්ක තාත්තගේ රූපේ පපුවේ ඇඳගන්න..”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!