දෙරණ විශිෂ්ටත්වයේ 12 වන සැමරුම වෙනුවෙන් ලිට්ල් හාට්ස් ව්‍යාපෘතියට සවිබල පිණිස පැවැත්වෙන දයාවේ සැරිසැරුම Run for Little Hearts පාගමන සහ මැරතන් ධාවන තරග මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.
මේ සඳහා සහභාගී වී පුංචි හදවත් වලට ජීවය දීමේ දයාවේ ක්‍රියාන්විතය සමඟ ඔබත් අත්වැල් බැඳගන්න ඔබේ දරුවන් සමඟ නිදහස් චතුරශ්‍රයට පැමිණෙන ලෙස අප ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා.
මැරතන් තරගයේ ගමන් මාර්ගය – නිදහස් චතුරශ්‍රය, නිදහස් මාවත, මෙට්ලන්ඩ් පෙදෙස, බෞද්ධාලෝක මාවත, ඩී. එස්. සේනානායක හන්දිය, බේස්ලයින් පාර ඔස්සේ බොරැල්ල හන්දියට, වෝඩ් පෙදෙස පෙදෙස ඔස්සේ නෙලුම් පොකුණ, සී. ඩබ්ලියු. ඩබ්ලියු. කන්නන්ගර මාවත, නැවතත් නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරශ්‍රයට යෙදී තිබෙනවා.
“පා ගමන” ගමන් මාර්ගය – නිදහස් චතුරශ්‍රය, නිදහස් මාවත, මෙට්ලන්ඩ් පෙදෙස, මෙට්ලන්ඩ් ක්‍රෙසන්ට්, හෝර්ට්න් පෙදෙස, නෙලුම් පොකුණ, සී. ඩබ්ලියු. ඩබ්ලියු. කන්නන්ගර මාවත, නැවතත් නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරශ්‍රයට.
ලියාපදිංචි වීම සඳහා 0115 300700 අමතන්න.. නැතහොත් Run ලෙස ටයිප් කර 9900 එස්.එම්.එස්.කරන්න..
ලිට්ල් හාට්ස් ව්‍යාපෘතියට සවිබල පිණිස පැවැත්වෙන දයාවේ සැරිසැරුම Run for Little Hearts පාගමන සහ මැරතන් ධාවන තරගයේ ගමන් මාර්ගය පහතින්…
