Gossip

CCTV දර්ශනත් එළියට ආපු, මහමඟදි රහල් අල්විස්ගෙන් ගුටි කාපු බිනූ රියැන්ඩා හඬ අවදි කරයි – Photos

රහල් අල්විස් මහමඟදි තරුණියකට පහරදුන්නා කියලා කතාවක් පසුගිය දවස්වල අන්තර්ජාලය උණුසුම් කළා.
කොහොමහරි පස්සේ හෙළිවුණේ ඒ රහල්ගේ අලුත්ම මියුසික් වීඩියෝවක දර්ශනයක් කියලයි.
මෙම සිද්ධියට මුහුණදුන් බව කියපු බිනූ රියැන්ඩා මේ දිනවල තරමක් ජනප්‍රිය තරුවක් බවට පත් වෙලා තිබෙනවා.
ඇය තවමත් පාසැල් යන තරුණියක් බවයි අපිට දැනගන්න ලැබුණේ.
රහල් අල්විස්ගේ නවතම ගීතයේ මියුසික් වීඩියෝවට රංගනයෙන් දායකවූ ඇයගේ අලුත්ම තොරතුරුයි මේ.

ඔබ ගැන හැඳින්වීමක් කළොත්..?
මම බිනූ රියැන්ඩා. හැමෝම මාව දන්නේ ඒ නමින්. මම තාම ඉගෙන ගන්නවා.
ඒ අතරතුර නිරූපණ වැඩ කටයුතු කරමින් ඉන්නවා.

මොනවද ඒ වැඩකටයුතු?
මියුසික් වීඩියෝ එකක් කළා

මේ දවස්වල කතා වෙන්නේ නම් ඔබ රහල් අල්විස්ගෙන් ගුටි කෑවා කියලා. ඇත්තටම මොකද උනේ?
ඒක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. ඒක අපි ප්ලෑන් කරල කරපු දෙයක්. ඒක සින්දුව ප්‍රමෝට් කරන්න කරපු දෙයක්.

ඒ මියුසික් වීඩියෝව ගැන කතා කරමු
වීඩියෝ ප්‍රඩක්ෂන් එක රහල් අයියගේ. එයාලගේ ගමේ පන්සලේ තමයි වීඩයෝ එක කළේ. රහල් අයියා තමයි ඒ පන්සල හදන්න මුල් වෙලා තියෙන්නේ.
ඉතිං ඒ නිසා ඒ පන්සලම මේ සඳහා යොදා ගත්තා.

නිරූපණය කියන දේද ඔබ වෘත්තිය ලෙස තෝර ගන්නේ?
නැහැ. එහෙම නෑ. මම තාම ඉගෙන ගන්නවා. ඉගෙනීම් කටයුතු කරගෙන බාහිර ව තව වැඩක් විදිහට තමයි මේ දේවල් කරන්නේ.

ඉගෙනීම් කටයුතු සිදු වෙන්නේ කොහොමද?
මම උසස් පෙළ හදාරමින් ඉන්නවා.

ඉගෙනිමේ නිරත නිසා මේ සඳහා ගෙදරින් අවසර ලැබුණද?
මම හොඳ දෙයක් උනොත් විතරයි ඒ දේ කරන්නේ. මියුසික් වීඩියෝ, පොටෝ ෂූට් ගොඩක් ආවත් මම ඒ දේවල් භාර ගන්නේ නෑ. ඉතිං හොඳ දෙයක් උනොත් විතරයි මම ඒ දේවල් බාර ගන්නෙ.

සමාජ මාධ්‍ය තුළ කතා බහ වෙන දේවල් එක්ක ක්ෂේත්‍ර යේ ඉන්න බයක් නැද්ද?
මම දන්නවා, මම හිතනවා මම වරදක් කරන්නෙ නෑ.

නිරූපණ කටයුතු ද සඳහා පුවලේ අයගෙන් ලැබෙන දායකත්වය මොන වගේ ද?
මම මොකක් හරි වැඩකට යනවා නම් ගෙදරින් කවුරු හරි එනවා. හොඳ වැඩක් නහම් ඒ අය මට බලපෑම් කරන්නේ නෑ.

ඉදිරි බලාපොරොත්තු මොනවද?
හොඳ විදිහට ඉදිරි කටයුතු කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!