පසුගියදා අහන්නට ලැබුණු තවත් දුක්මුසු ආරංචියක් තමයි මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සිසුවෙකු මියයාමේ සිද්ධිය.
12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ භාතිය ඒකනායක නැමැති මෙම සිසුවා මිය යන විට 18 වන වියේ පසුවුණා.
පරීක්ෂණවලින් හෙළිවුණේ ලේ කැටියක් හිරවීම ඊට හේතුවී ඇති බවයි.
භාතිය ඒකනායක සිසුවා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකුද වනවා.
කොහොමවුනත් භාතියගේ අවමගුල් කටයුතු ඊයේ දිනයේ සිදු කෙරුණු අතර කොළඹ ඉසිපතන විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයන් හා එක්ව මියගිය සහෝදරයාගේ දේහය උර මතින් ඔසවාගෙන සුසාන භුමියට පැමිණ තිබෙනවා.
ක්‍රීඩා පිටියේ විරුද්ධවදීන් වුනත් ඉසිපතන ක්‍රීඩකයන් මේ අවස්ථාවේ දැක්වූ මහත්මා ගතිය ක්‍රීඩාවේ නියැලෙන අයට පමණක් නෙවෙයි හැමෝටම ආදර්ශයක්.
මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.