සාරංග දිසාසේකර කියන චරිතයට කවුරුත් ආදරය කරනවා.
කාටත් සමීප මේ රංගන ශිල්පියා ගැන පසුගිය දවස්වල විවිධ කතා හුවමාරු වුණා.
විටෙක ඔහු රංගන ශිල්පියෙක්, ගායකයෙක්, නිවේදකයෙක් ඒ විතරක් නෙවෙයි ඔහු අපරු හඬ කැවීම් ශිල්පියෙකු ලෙසත් සාරංග රසික හදවත්වල ආදරය දිනාගෙන අවසන්.
හැලහැප්පීම් මැද ගෙවීගන යන ඔහුගේ ජීවිතේ අලුත්ම ආරම්භයක් ගැන සාරංග සිය මුහුණුපොතේ සටහනක් දමා තිබුණා.
ඒ මේ විදිහට.
“අද මට තවත් අලුත් අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි මුල්ම වතාවට රූපවාහිනී සජීව වැඩසටහනක් ඉදිරිපත් කරන්න ලැබීම. තනියෙන් නෙවෙයි මගේ ආදරණීය අම්මත් එක්ක. මට හිතෙන්නෙ පුතෙක් ලබන දුර්ලභ අවස්ථාවක් මේ. එන්න මගෙත් එක්ක මේ සතුට බෙදාගන්න”