සිය විවාහ මංගල්‍යය උත්සවය දිනයේ ඡායාරූප ගැනීමට ආ යුවලක් සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍යයන්වල කතාබහක් ඇතිවෙලා තිබෙනවා.
ක්ලයිටන් කුක් නැමති පුද්ගලයකෙු ඔහුගේ බිරිඳ බ්‍රිට්නි සමඟ විවාහ දිනයේ ඡායාරූප කිහිපයක් ලබා ගැනීමට කැනඩාවේ කුචර්න්හි වික්ටෝරියා පාක්හි වෙරළක් හරහා පාලම මතට පැමිණ ඇති අතර මේ වේලාවෙහි එම පාලම වැටී ඇති ගැඹුරු ජලය සහික ස්ථානයක බැම්ම මත කුඩා ළමයින් පිරිසක් ඇවිදිමින් සිට තිබෙනවා.
නොසීතූ ලෙස මෙහි සිටි එක් ළමයෙකු ජලය වෙතට ඇද වැටී ඇති අතර මෙම සිදුවීම දුටු මනාල මහතා සිය මංගල ඇදුමින්ම පැමිණ වතුරට පැන මෙම කුඩා දරුවාගේ ජීවිතය බේරාගෙන තිබෙනවා.
ඉතින් මෙම අපූරු සිදුවීමේ ඡායාරූප කිහිපයක් මංගල දිනයේ ඡායාරූප ගැනීමට ආ ඡායාරූප ශිල්පියාගේ කැමරාව තුළ සටහන් කර ගැනීමට සමත්ව තිබෙනවා .
එම ඡායාරූප හුවමාරු වීමත් සමඟ මොවුන් දෙදෙනාගේ විවාහ උත්සවය ගැන ලොව පුරාම කතා බහකට ලක්වෙලා තිබෙනවා.
මේ එම ඡායාරූප කිහිපයක්.
