Gossip

වේගයෙන් පැතිර යන රෝගයක් මෙන්න. මුලින් හඳුනා නොගත්තොත් භයානකයි – රෝගය ගැන සියලු විස්තර මෙන්න

දඹුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 20කගේ පමණ ශරීරයේ අභ්‍යන්තරයේ ජීවත් වූ පණුවන් විශේෂයක් සැත්කම් ඉවත් කෙරුණු පුවතක් පසුගියදා අපට අසන්නට ලැබුණා.

කුඩා දරුවන් දෙදෙනකුගේ පණුවන් ඉවත් කිරීමේ සාර්ථක ශල්‍යකර්මය පසුගියදා ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකළා.

මෙසේ ශරීරගත වන පණුවන් අඟල් 3 – 4 – 5ක් දිග සුදු පැහැති පණු විශේෂයක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.ශරීරයේ අභ්‍යන්තරයේ විවිධ ස්ථානවල කෝෂ සාදා ගෙන මෙම පණුවන් ජීවත් වන බව පරීක්ෂණවලදී හෙළිවී ඇති අතර ගෘහස්ථ සතුන්ගෙන් මෙම පණු විශේෂය බොහෝ දුරට ශරීරගත විය හැකි බවත් මදුරු විශේෂයක් මඟින් මෙම පණුවා මිනිසුන්ට ශරීරගත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත් වෛද්‍යවරු සඳහන් කර තිබෙනවා.

කාන්තා හා පිරිමි භේදයකින් තොරව මෙවැනි රෝගීන් හමුවී ඇති අතර පසුගියදා සිදුකළ සැත්කමෙන් කුඩා දරුවකුගේ ශරීරයේ සිටි පණුවන් ඉවත් කිරීම වෛද්‍ය කණ්ඩායම විසින් සාර්ථකව සිදුකර තිබෙනවා.ලෝකයේ රටවල් ගණනාවකින් මෙවැනි සිද්ධීන් වාර්තා වී තිබෙන බවත් එහෙත් ලංකාවේ විවිධ තැන් කිහිපයක ශරීරවල මේ ආකාරයෙන් පණුවන් සිටි බවට වාර්තා වී ඇති බවත් ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක මහතා සඳහන් කරනවා.

එහෙත් එක දිගටම දඹුල්ල රෝහලට මේ ආකාරයෙන් පණුවන් ශරීරගත වී ඇති රෝගීන් වැඩිවීම බරපතළ ප්‍රශ්නයක් බව වෛද්‍යවරු පවසනවා. මෙම පණු විශේෂය ශරීරයට ඇතුළු වන ආකාරය මෙම පණුවන් පිළිබඳව සහ ඔවුන් ජීවත් වන කාල සීමාව පිළිබඳවත් එමෙන්ම මෙම සතුන් බෝ වන ආකාරය පිළිබඳවත් පරීක්ෂණ පැවැත්වීම සඳහා ශරීරවලින් ඉවත් කරගත් පණුවන් සහ පණුවන් ජීවත් වූ ශරීර අභ්‍යන්තරයේ තිබූ කෝෂ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යැවූ බවත් ඔහු පවසා තිබෙනවා.

බොහෝ දුරට සම මතුපිටින් ගැටිති මතුවීමෙන් මෙම පණු ගෙඩි අනාවරණය කර ගැනීමට හැකියාව පැවැතියද ශරීර අභ්‍යන්තරයේ මේ ආකාරයෙන් පණු විශේෂය රැඳී සිටියහොත් එකවරම හඳුනා ගැනීමට නොහැකි අවදානම් තත්ත්වයක් පවතින බවද වෛද්‍යවරුන් පවසනවා.

විශේෂයෙන් ගෘහස්ථ බල්ලන් පූසන් වැනි සතුන්ගෙන් සහ මදුරුවන්ගෙන් මේ තත්ත්වය බෝවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ඇති බවද වෛද්‍යවරු ප්‍රකාශ කරන අතර එකවරම මේ හා සමානව වැඩි රෝගීන් පිරිසක් දඹුල්ලෙන් වාර්තා වීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමටද තම වෛද්‍ය කණ්ඩායම ඉදිරියේදී බලාපොරොත්තු වන බවද අජිත් අර්ථනායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම පණු විශේෂය කුඩා දරුවන්ගේ රහස් ප්‍රදේශයෙන් ඇතුළු වූ අවස්ථාද එමෙන්ම ශරීරයේ අත් පා වලින් සහ පපුව ප්‍රදේශවලින් ඇතුළු වූ අවස්ථාද දැක ගැනීමට තිබුණු බවද වෛද්‍යවරු සඳහන් කර ඇති අතර එක් අවස්ථාවක ඇසක රැඳී සිටි අඟල් 6ක පමණ පණුවකු සොයාගැනීමට හැකියාව ලැබුණු බවටද වාර්තා වනවා.විශේෂයෙන් දඹුල්ල හබරණ ගලේවෙල සීගිරිය ආදී ප්‍රදේශවලීන් රෝගීන්ගේ වාර්තා වීම විශේෂත්වයක්ද බවද වෛද්‍යවරු පවසනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!