නව පුරපුරේ ජනප්රිය නළුවෙකු වූ දසුන් නිෂාන් ගෙලවැලලාගෙන සියදිවි හානිකර ගෙන තිබුණේ සිය බෝඩිම් කාමරයේදී.
ඔහු ආදරය කළ යුවතිය සමඟ විවාහ ගිවිසගෙන තිබෙන බවද සඳහන් වෙනවා.
දසුන් නිෂාන් මෙලෙස ජීවිතය නැතිකරගෙන තිබෙන්නේ කුමන හේතුවක් නිසාදැයි තවමත් හෙළිව නැති අතර මීට මාසයකට පමණ ඉහතදී ඔහු මේ බව ඉඟි කරන සටහනක් සිය මුහුණුපොතේ තබා තිබුණා.
පසුගිය මස 26 වැනිදා ඔහු සිය මුහුණුපොතේ ඡායාරූපයක්ද සමඟින් මෙලෙස සටහන් කර තිබෙනවා.
දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹරට
ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට……
RIP