ඊයේ (21) දිනයේ මහනුවර ගන්නෝරුව ප්රදේශයේදී ගිනස් වාර්තාවක් තැබීම සඳහා සංවිධානය වූ විවාහ උත්සවයක් පිළිබඳව සමාජජාල ඔස්සේ කතාබහක් ඇතිව තිබෙනවා.
මෙයට හේතු වී ඇත්තේ ඒ සඳහා පාසැල් දරුවන් යොදාගෙන තිබීම වන අතර ඔවුන් නිල ඇඳුමින් සැරසී මහනුවර – කොළඹ මාර්ගයේ රැදී සිටිමින් ගිනස් වාර්තාව සඳහා වන මඟුල් ඇඳුමේ මනමාලියගේ සාරි පොට අල්ලාගෙන සිට තිබෙනවා.
එම අවස්ථාවට මහනුවර දිස්ත්රික් මන්ත්රීවරයෙකු වූ සරත් ඒකනායක මහතාද සහභාගී වී ඇත්තේ ඔහුගේ නමින් ආරම්භ කළ අලවතුගොඩ සරත් ඒකනායක ප්රාථමික පාසැලේ සිසුන්ද සමඟින්.
මෙම විවාහය හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද ඇතිව තිබූ අතර එය පාලනය කිරීම සඳහා පේරාදෙණිය පොලිසියේ නිලධාරීන්ද රාජකාරි කටයුතුවල නිරතව තිබුණා.
මෙම සාරිය සැතපුම් 3ක් පමණ දිගින් යුක්ත වූ අතර තවමත් එය ගිනස් වාර්තාවක්දැයි නිල වශයෙන් ප්රකාශයට පත්කර නැහැ.