Gossip

ඊයේ දිනයේ ගත් ඇමතුම් සහ කෙටි පණිවුඩ සියල්ල නොමිලේ – ඩයලොග් ආයතනයෙන් දුන් නිවේදනය මෙන්න

ලංකාවේ මිලියන 11 කට ආසන්න පාරිභෝගිකයින් පිරිසක් භාවිත කරන ඩයලොග් ජංගම දුරකථන සේවා ජාලයේ ඊයේ පස්වරුවේ ඇතිවූ තාක්ෂණික ගැටලු හේතුවෙන් විශාල පිරිසක් අපහසුතාවයට ලක් වුණා.

ඒ අනුව පැය කිහිපයක් පුරා සන්නිවේදන සබදතා බිඳ වැටීමකට ලක්වුණා.

වරින්වර සංඥා ඇතිවීම හා නැතිවීම සිදුවූ බව ඩයලොග් භාවිතා කරන්නන් විසින් පැමිණිලි කර තිබුණා.

ජාලය තුළම වෙනත් අංකවලට ඇමතුම් ලබාගැනීම විශේෂයෙන් අපහසු වූ අතර පාරිභෝගික සේවා අංකයද ක්‍රියාත්මක වුයේ නැහැ.

කෙසේවෙතත් ඊයේ දිනයේ ඇතිවූ මෙම බිඳ වැටීම නිසා ඩයලොග් ආයතනයෙන් පාරිභෝගිකයන්ට සහන සේවාවක් දී තිබෙනවා.

එනම් ඩයලොග් පාරිභෝගිකයන් විසින් ඊයේ දිනයේ ලබා ගත් ඇමතුම් සහ කෙටි පණිවිඩ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බවට ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!