ලෝක ක්රිකට් කණ්ඩායම හා පකිස්ථාන් කණ්ඩායම අතර පැවැත්වුණු විස්සයි විස්ස තරඟයේදී පකිස්ථාන් ක්රීඩක හසන් අලී විසින් කොදෙව් ක්රීඩක ඩැරන් සමී වෙත යොමුකළ යෝකර් පන්දුවක් පිළිබඳව මෙන්ම ඔහු එයට දැක්වූ ප්රතිචාරය සම්බන්ධයෙන් මේ වන විට කතාබහක් ඇතිව තිබෙනනවා.
තරඟයේ පළමුවට පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 197ක් රැස් කළ අතර සුපිරි පිතිකරණයක නියැලුණු පාකිස්ථානු කණ්ඩායමේ බාබර් අසාම් පන්දු 52කදී ලකුණු 86ක් රැස් කිරීමට සමත්වුණා.
ලකුණු 198ක ජයග්රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ලෝක කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ ලකුණු 177ක් පමණක් වන අතර හසන් අලී විසින් ඩැරන් සමී වෙත යොමුකළ යෝකර් පන්දුවට බිම ඇදවැටුණු ඔහු අත්පුඩි ගසමින් විශිෂ්ට පන්දුයැවීම අගය කළේ මෙලෙසින්…..