ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම පසුගිය කාලය පුරා පැවති තරඟයන් පරාජයට පත්වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව ක්රීඩකයින්ට මෙන්ම ක්රිකට් පාලක මණ්ඩලයටද දෝෂාරෝපණ එල්ල කරමින් සිටිනවා.
මේ පිළිබඳව ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය සම්බන්ධ කරගෙන ඊයේ (21) දෙරණ 360 වැඩසටහනින් ප්රශ්න කෙරුණා.
එහිදී නිවේදකයා නෑඟූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් සනත් ජයසූරිය පවසා සිටියේ ක්රීඩකයින් මුහුණින් සිනාසී සිටියත් පරාජයක් හමුවේ ඔවුන්ද හඬන බවයි. තමන්ට තරඟ පරාජය වන අයුරු දැක සිටින්නට බැරි බවත් එය සිතට වේදනාවක් බවත් පවසන සනත් වැඩිදුරටත් පෙන්වා දුන්නේ හොඳ ක්රිකට් සෙල්ලම් කරන්නේ නම් තරඟ ජයග්රහණය කිරීමට ශ්රී ලංකා පිලට හැකියාව ඇති බවයි.
ඔහු එහිදී වැඩිදුරටත් දැක්වූ අදහස් ඇතුලත් 360 සම්පූර්ණ වීඩියෝව පහතින්……