ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සහ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු දිවා රාත්‍රී එක්දින තරගයේ සුදානම පිලිබදව සොයාබැලීම සඳහා අමුත්තන්ගේ නැරඹුම් කාමරයේ තවත් පිරිසක් සමග වාඩිවී සිටියදී ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ එතැනට පැමිණ තිබෙනවනා.
එම අවස්ථාවේදී අසංක ගුරුසිංහ ඇමතිවරයා සහ සභාපතිවරයා අසළ ස්ථානයේ බිම වාඩීවි තිබෙනවා.
අසංක ගුරුසිංහට පුටුවක වාඩිවන ලෙස දැන්වුවද ඔහු එයට ඇහුම්කන් දී නොතිබූ අතර ඒ අසළට පැමිණි මාධ්‍යවේදීන් ඡායාරූප කිහිපයක් ගැනීමත් සමග ඇමති දයාසිරි ” නැගිටින්න.. නැගිටින්න.. නැත්නම් හෙට ඕකත් මිඩියාවල වැටෙයි ..” යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා..
අසංක ගුරුසිංහට නැගිටින ලෙස ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ද කළමණාකරු ගුරුසිංහට පවසා ඇති අතර ඊට සවන් නොදුන් නිසා මද වෙලාවකින් ක්‍රීඩා ඇමති හා සභාපති පුටුවලින් නැගිට පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.
එවිට ගුරුසිංහද ජනේලයේ ආධාරයෙන් නැගිට ඒ සමගම පිටතට ගොස් තිබෙනවා.
එම ඡායාරූපය දැන්න අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.
එම ඡායාරූපය පහතින්..
