Gossip

මාස තුනෙන් විතර අපි දැනගත්තා අපිට මේ පාරත් දුවෙක් කියලා, එයා බබා හම්බවෙන කාමරේ දොර ළඟ වාඩිවෙලා ඉඳලා

රජිත හිරාන් කියන්නේ පුංචි තිරයේ වගේම රිදී තිරයේදීත් සිනහවක් ගෙන එන චරිතයක් විදිහට ප්‍රසිද්ධ නළුවෙක්.
ඔහු දැන් දියණියන් දෙදෙනෙකුගේ පියෙක්.
ඉතිං මේ ගැනත් රජිතගේ අලුත්ම විස්තර ගැනත් සතිඅන්ත පුවත්පතක මේ විදිහට ලියලා තිබුණා.

රජිත දෙදරු පිය පදවිය ලැබුවේ කවදද..?
දෙදරු පිය පදවිය මම ලැබුවේ හරියටම අගෝස්තු මාසේ දෙවැනිදා.

දරුවා ලැබෙන්න රජිත සුබ වෙලාවක් එහෙම බලන්නත් ඇති නේද..?
ඔව්.. කවුරු මොනවා කිව්වත් මම නම් ජ්‍යොතිෂ්‍ය විශ්වාස කරනවා.
ඒ නිසා ජ්‍යොතිෂයට සම්බන්ධ මම දන්න දක්ෂ මහත්වරු කිහිප දෙනෙක් ඉන්නවා.
ඔවුන් එක්කත් සාකච්ඡා කරලා මම ඒ කාල සීමාව තුලදි හොද දවසක් වෙලාවක් ඇහුවා. ඉතිං ඒ අනුව මම අගෝස්තු දෙවැනිදා සිසේරියන් සැත්කමකින් දරු පැටියා ගන්න තීරණය කළා.

ඇත්තම කියන්න ආසාවෙන් හිටියේ දුවෙකුටද පුතෙකුටද..?
මුලින්ම අපි බලාපොරොත්තු වුණේ පුතෙක්ව තමයි.
මාස තුනෙන් විතර අපි දැනගත්තා අපිට මේ පාරත් දුවෙක් කියලා.
ඉතිං ආයෙමත් දුවෙක් කියලා අපි කවදාවත් දුක්වුණේ නෑ.
ඒක සතුටින් බාරගත්තා. ඉස්සර කාලේ කියමනක් තියෙනවනේ තාත්තට කුඹුරු තියෙනවානම් ඒ කුඹුරු භාරදෙන්න තමයි පුතෙක් ඕනේ කියලා. ඉතිං අපිට කුඹුරුත් නැහැනේ.

නංගියෙක් එනවට ආසාවෙන් හිටපු පොඩි අක්කා කොහොමද නංගිව පිළිගත්තේ..?
එයා තමයි මුල ඉඳන්ම නංගි කෙනෙක් ඕන කිව්වේ.
හැමවෙලේම හැමදෙයක්ම හොයලා බලලා කළේ එයා.
එකපාරක් වයිෆ්ට බබා දඟලන්නේ නැහැ වගේ වෙලා අපි හොස්පිටල් එකට එක්ක යන්න හද්දි ලොකු දූ තමයි විනාඩි දෙකක් ඇතුලත සියලුම දේ ඉක්මනට ලෑස්ති කළේ. බබා ලැබෙන්න ඉදිද්දි දවස් තුනක් හොස්පිටල් එකේ නතරවෙලා හිටියා.
බබා ලැබෙන දවසෙදි මෙයා සීයා එක්ක ඇවිත් බබා හම්බවෙන කාමරේ දොර ළඟ වාඩිවෙලා ඉඳලා. නංගි ආවම මට ආදරේ අඩුවෙලා කියලා එයා අඬනවා.

රජිත දෙවැනි දුවට තාම නමක් දැම්මේ නැද්ද..?
නෑ… තාම නමක් දැම්මේ නෑ. වෙලාව හැදුවට තාම දුවගේ කේන්දරය හැදුවේ නෑ. ඉතිං ඒ දේවලුත් බලලා නමක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ.ආර්. කියන අකුරු දෙකට අපි නමක් දාන්න උත්සහ කරනවා.

රජිත දූවරු දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. වගකීම් වැඩිවුණා නේද..?
එක දුවෙක් ඉන්න කාලේ දුවමින් හිටියා. දැන් දුවලා දෙන්නෙක් නිසා දුව දුව තමයි ඉන්න වෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!