Gossip

අපිට දරුවෝ ඉන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්, අපි අවුරුදු 10 ක් විතර Living together හිටියේ – අමීෂා කාවින්දි

අමීෂා කාවින්දි කියන්නේ රිදී තිරයේ, පුුංචි තිරයෙන් වගේම නර්තනයෙනුත් රසික හදවත් දිනාගත්තු නිළියක්.
රිදී තිරයේදී පෙම්වතුන් වුණු අර්ජුන කමලනාත් සැබෑ ජීවිතයේදීත් අමීෂගේ සැමියායි.
අවුරුදු ගාණක් විවාහ නොවී හිටපු මේ දෙන්න ජීවත් වුණේ Living together විදිහට. ඒ නිසා විවිධ පුවත් මවපු චරිතයක් විදිහටත් පසුගිය කාලේ අමීෂා ජනප්‍රිය වුණා.
ඉතිං මේ ආදර කතාව ගැනත් තවත් හුඟක් දේ ගැනත් අමීෂා සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

අමීෂා.. අපි මේ කතාබහ ඔයාගේ පවුලේ අයගෙන් හා ළමා කාලයෙන් පටන් ගමු.. එහෙම හොඳයි නේද..?
ඔව්.. ඒක හොඳයි.. මම උපන් ගම මාතර. ඒ කියන්නේ මගේ අම්මගේ ගම මාතර දික්වැල්ලේ.
ඉතිං මම ඉපදුනේ මාතර. ඒ ඉපදිලා මාස දෙකක් විතර එහේ ඉඳලා මගේ තාත්තගේ ගම වුණු ජාඇලට අරගෙන ඇවිත් තියෙන්නේ.
ඉතිං පොඩි කාලේ ඉඳලා ඊට පස්සේ මම හැදුනේ වැඩුනේ ජාඇල තාත්තගේ ගමේ.

මොන පාසලේද අමීෂා ඉගෙන ගත්තේ..?
මෙරි මැරිකියුලටි කොන්වන්ට් එකෙන් තමයි මම ඉගෙන ගත්තේ. මට අක්කා කෙනෙක් විතරයි ඉන්නේ.
අම්මයි, තාත්තයි මමයි අක්කයි තමයි පොඩි කාලේ ඉඳන් අපේ පුංචි පවුල වුණේ.
අම්මා පද්මිණී පෙරේරා. තාත්තා මර්වින් පෙරේරා. අක්කා ගයනිකා ගීතාංජලී පෙරේරා.

පුංචි කාලේ අමීෂා මොනවගේ චරිතයක්ද..?
මම රෝමානු කතෝලික. ඉතිං පුංචි කාලේ ඉඳන් මම ආගමට හරි ලැදි කෙනෙක්. මම කොන්වන්ට් එකට තමයි ගියේ. ඒකෙත් ආගමික පසුබිමක් තිබුණා. අපේ ගේ තියෙන්නෙත් පල්ලිය ඉස්සරහමයි. ඉතිිං හැමදාම මම පල්ලි යනවා. ගොඩක් දෙනෙක් හිතුවේ මම සිස්ටර් කෙනෙක් වෙයි කියලා. මම පල්ලලියේ ගීතිකා කණ්ඩායමේ හිටියා. පල්ලියේ දහම් පාසලට ගියා. අපේ ගෙදරත් ආගමික පසුබිමක් තමයි තිබුණේ.

අමීෂා කාලයක් කැරොකේ සී.ඩී.වලටත් නර්තනය කළා නේද..?
ඔව්… ඒක ඇත්ත.. ඒ කාලෙදි මට ජෝතිපාල මහත්තයගේ ලස්සනයි බලන්න ගීතයට නර්තනය කරන්න අවස්ථාව ලැබුණේ. ඒක දැකලා මට නිශාන්ත ගුණසිංහ ෆිල්ම් එකක ප්‍රධාන චරිතයකට ආරාධනාවක් ලැබුණා. ඊට කලින් මට අනූෂා දමයන්ති, නිලන්ති ඩයස් වගේ නිළියක් පිටුපස නර්තනය කරලා තිබුණා.
ඒ නිසාම නිළියක් වෙන ආශාවත් මට තිබුණා.
ඉතිං “සඳ දෙව්දෝණි චිත්‍රපටයට ආරාධනා ලැබුණම මම එකපාරටම කැමති වුණා. ඒකේ අර්ජුන් කමලනාත් අයියයි රොෂාන් පිලපිටියයි ප්‍රධාන චරිත රඟපාන්න හිටියා.
කොහොම හරි ඒ ෆිල්ම් එක DVD තැටියක් විදිහට තමයි ප්‍රදර්ශනය වුණේ. ඊට පස්සේ මට සුදු හංසි කියන චිත්‍රපටයට ආරාධනා ලැබුණා. ඒ විදිහට තමයි මම නිළියක් වුණේ.

ජීවිතේ එක්තරා කාලයක මුණගැහුණු අර්ජුන් කමලනාත් අමීෂාගේ ජීවිතයම වෙනස් කළා නේද..?
ඔව්… මම පසුබිම් නර්තන ශිල්පිනියක් කරන මුල් කාලේදීත් අර්ජුන අයියව මුණගැහිලා තියෙනවා. ඒ හමුවීම බොහෝ සාමාන්‍යයි. ප්‍රධාන චරිත කරන අයට අපි ගොඩක් ගරු කරනවා. ඒ අය එක්ක කතාබහ කරන්නත් එහෙම හරි ආසයිනේ. ඉතිං මම ප්‍රධාන චරිතය රඟපාපු සද දෙව්දෝණි චිත්‍රපටයේත් අර්ජුන අයියා හිටියා. එදායින් පස්සේ අපි හිතවත් වුණා. අන්තිමට ඒ හිතවත්කම ආදරයක් වුණා.

අර්ජුන අමීෂාට යෝජනාවක් ගෙනාවම මොකද හිතුනේ…?
ඇත්තටම එහෙම අර්ජුන අයියා මට ආදරෙයි කියලා කිව්වෙත් නෑ. ගොඩක් අපේ වටපිටේ ඉන්න අය තමයි අපිට විහිිළු කළේ. මම ෂූටිං ගියේ මගේ අම්මා එක්ක. ඉතිං බත් කද්දි අම්මා තමයි මට කවන්නේ. ඉතිං ඔය අතරේදී අයියත් මට බත් කවනවා. ඉතිං මුලින් අයියා කෙනෙකුයි නංගී කෙනෙකුයි අතර තියෙන බැඳීම අපිට තිබ්බේ. මම තාමත් එයාට කියන්නේ අයියා කියලා. ඉතිං අපිට අපි දකින්න බැරුව ෂූටින් ඉවරවෙලත් ආයේ කතා කරනවා. ඉතිං දවසක් අයියා මට කිව්වා මම ඔයාට කැමතියි ඔයා මොකද කියන්නේ කියලා. මම ඉතිං ඒ දේ එයා කියනකන්ම තමයි බලාගෙන හිටියේ.

දැන් ඔය ආදරේට කොච්චර කල්ද..?
අපි ආදරේ කරන්න පටන් ගත්තේ 2006 ඉඳන්. ඒ කියන්නේ දැන් අපේ ආදරේට අවුරුදු එකොළහක්.

ඔය අවුරුදු 11 ඇතුලත පුංචි පුංචි හිත් රිදීම් නෝක්කාඩුකම් නොතිබුණාම නෙවෙයිනේ..?
අපෝ ඔව්… ඒ වගේ දේවල් ගොඩක් තිබුණා.
මම හිතන්නේ ඒ මට ජීවිතේ තියන අත්දැකීම් අඩුකමක නිසා වෙන්න ඇති.
එයත් කාර්යබහුලයි. මමත් ටික ටික කාර්යබහුල වුණා.
ඒ දේවලුත් එක්ක පුංචි පුංචි හිත්රිදීම් ඇතිවුණා.
හැබැයි ඒ දේවල්වලින් අපි තවත් ලංවුණා. මම හිතනවා හැමෝටම ජීවිතවල මේ පුංචි හිත්රිදීම් කියන දේ තියෙනවා. ඒ දේවලුත් එක්ක අපිට ජීවිතේ අත්දැකීම් ලබලා තමයි ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ.

වැඩියෙන් ඔය දෙන්නගෙන් කේන්ති යන්නේ කාටද..?
අයියට තමයි ඉස්සරනම් කේන්ති ගියේ. දැන් එයාට අඩුයි.
දැන් මට චුට්ටක් කේන්ති යනවා. හැබැයි ඒ කේන්තිය චුට්ට වෙලාවයි.
ලොකුවට මඟුලක් කනවට වඩා ගේ හදාගෙන වාහනයක් ගන්න එක හොඳයි කියලා හිතුනා.

කාටවත් නොකියාම ඔය දෙන්නා විවාහ වුණා..?
ඔව්… 2014 දි තමයි අපි දෙන්නා විවාහ වුණේ. ඒක බොහෝම නිහඬ විවාහයක්. ඒකට සහභාගී වුණේ මගේ අම්මයි තාත්තයි අර්ජුන අයියගේ පවුලේ අය විතරයි.

ඒත් කාලයක් තිස්සේ අමීෂයි අර්ජුනයි Living together ජීවිතයක් ගත කළා.
ඔව්.. ඒක ඇත්ත.. අපි අවුරුදු දහයක් විතර එක ගෙදර අපි දෙන්නා තනියම ජීවත් වුණා. ඒ ජීවිතයත් එක්ක අපි දෙන්නගේ විවාහය කරන්න ඕනේ කියලා අපිට හිතුනේ නෑ. බොහෝ දෙනා අපි Living together ඉදිද්දි ඒකට අකමැති වුණා. ඒත් අපි දෙන්නගේ එකම ඉලක්කය වුණේ ගේ හදාගෙන එයාට හොඳ වාහනයක් අරගෙන අපේම නිෂ්පාදන කටයුතු කරගෙන හොඳ ජීවිතයක් ගතකරන්නයි.
ඒ වෙනුවෙන් අපි දෙන්නම ගොඩක් මහන්සි වුණා.
මට පෝරුවෙ නැගලා මනමාලියක් වෙන හීනයක් තිබුණේ නෑ.
ඒ නිසා විවාහය වෙනුවෙන් ඉතිරි කරගත්තු හැම මුදලක්ම අපි ඉදිරි කටයුතු සඳහාත් වැය කළා.

දැන් ඔය දෙන්නා අතරට තව පොඩි දරුවෙකුත් එන හීනය කවදද දකින්නේ..?
තාම එහෙම බලාපොරොත්තුවක් නෑ. මේ හැම දෙයක්ම කළේ හිතලා ප්ලෑන් කරලා නෙවෙයි. ඒ දේවලුත් වෙලාවට වෙයි. සමහරවිට නොවෙන්නත් පුළුවන්. ඒක මම තාම දන්නේ නෑ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!