Gossip

මම නම් ආසාවෙන් හිටියේ මුලින්ම දුවෙක් ලැබෙනවට, මොනවා වුණත් අලුත් ජීවිතේ සුන්දරයි

හිරාන්ගෙත් හිරුණිකාගෙත් කැඳැල්ල ලස්සන කරන්න අලුත් අමුත්තෙක් එකතු වුණු කතාව ගැන අපි මීට පෙර ඔබට කිව්වා.
ඉතිං මේ නිසා හිරුණිකා ගැන සතිඅන්ත පුවත්පතක සඳහන් වුණු ලිපියක් අපි ඔබ වෙත ගෙන එන්න හිතුවා.

ජීවිතේ වෙනස්වෙලා. මොකද හිතන්නේ..?
පුංචි පුතා නිසා පවුල සම්පූර්ණ වුණා. ඒ වගේම ලොකු සතුටක් දැනෙනවා මමයි හිරුණිකයි දෙමව්පියෝ වුණාට.

ඒ සතුටත් එක්ක වගකීම් වැඩිවුණා කියලා හිතුණද..?
හිතුනා.. පුංචි පුතා නිසා වගකීම් ගොඩක් වැඩිවුණත් ඒ හැමදේම බොහොම ආදරණීය විදිහට තමයි දැනෙන්නේ.

එදා ගතකරපු සැහැල්ලු ජීවිතේට වඩා වගකීම් පිරුණු ජීවිතේ ගැන මොනවද හිතන්නේ..?
ජීවිතේට අලුත් අත්දැකීමක්. අපි විවාහ වෙලා අවුරුදු දෙකක් වෙනවා. අද පුංචි පැටියා අපේ ජීවිතේ අලුත් කළා. හැමදේම වෙලාවට වුණා කියලා හිතුනා. දැන් නම් නිදි මරන්න වෙනවා.
ඒ දේට දැන් ටික ටික තමයි හැඩගැහෙන්නේ. මොනවා වුණත් අලුත් ජීවිතේ සුන්දරයි.

බබාව මුලින්ම දැක්කහම මොකද හිතුනේ..?
පුදුමයට පත්වුණා. එයාගේ කටහඬ ඇහෙනවත් එක්කම හරිම ආදරණීය හැඟීමක් හිතට දැනුනේ. හිරුණිකාට වැඩිපුර අවධානයක් යොමු කරපු නිසා මුලින් බයක් දැනුනා. පස්සේ බබාව දැක්කම ඒ බය නැතිවෙලා ගියා.

කොහොමද චූටි පුතත් එක්ක ගතවෙන ජීවිතේ..?
ගොඩක් සුන්දරයි. තවම එයා අඩන එක තමයි වැඩිපුර කරන්නේ.

හිරුණිකාගේ වැඩවලට මොන වගේ සහයෝගයක්ද හිරාන්ගෙන් ලැබෙන්නේ..?
මුල ඉඳන්ම කැමැත්තෙන් හිටියේ අපේ වැඩ දෙන්නම කරගන්න.
අපිට ඕන වුණේ ලංකාවේ සාමාන්‍ය පවුලක් වගේ ජීවත් වෙන්න.
මම එයාගේ හැම වැඩකටම සහයෝගය දෙනවා. හිරුණිකාගේ අම්මත් ඉන්නවා. අපේ පවුලේ අයත් ඉන්නවා.

පුතාව ලොකු වුණාම කවුරු වෙනවටද කැමති..?
එයා ඒ දේ තීරණය කරයි. අපි දෙන්නා හරි මාර්ගය පෙන්වනවා විතරයි. අපි එයාට බල කරන්නේ නැහැ. මේ දේ කරන්න කියලා. මොකද අපි නිදහසේ හැදුනු ළමයි. ඒ නිදහස එයත් භුක්ති විදිනවට තමයි මම කැමති.

පුතාගේ කේන්දරේ බැලුවද..?
අපි දෙන්නා ලොකුවට කේන්දර විශ්වාස කරන්නේ නැහැ. තවම බබාට නමක් දැම්මෙත් නැහැ. මොකද එයා ඉපදුනේ අගෝස්තු තුන්වැනිදා. තවම සති කිහිපයක් වෙන්නේ.

හිරාන් කැමති වුණේ පුතෙක්ටද දුවෙක්ටද..?
මම නම් ආසාවෙන් හිටියේ මුලින්ම දුවෙක් ලැබෙනවට. අපි මුලින්ම දැනගත්තා පුතෙක් තමයි කියලා. හිරුණිකා ලොකු ආසාවකින් හිටියේ පුතෙක් ලැබෙනවට. අම්මලා කොහොමත් කැමති පුතාලට. තාත්තලා කැමති දුවලට කියලා තියෙනවනේ. ඊළගට දුවෙක් ලැබෙනවට තමයි මම ආසාවෙන් වගේම බලාපොරොත්තුවෙන් ඉන්නේ.

හිරාන් නිරූපනයට සමුදීලා කියන්නේ ඇත්තද..?
ව්‍යාපාරික වැඩවලට වැඩි අවධානයක් යොමු කරන නිසා නිරූපන කටයුතු මගහැරුනා. ඇඟ හදාගන්න ඕන. ඉදිරියට සම්බන්ධ වෙනවා. අද හෙටම නෙවෙයි.

හිරුණිකා කැමතිද හිරාන් කලා කටයුතුවලට සම්බන්ධ වෙනවට..?
එයා කැමතියි මම හොඳ ගුණාත්මක නිර්මාණ සඳහා සහභාගී වෙනවට.

හිරාන් දේශපාලනයට එන්න අදහසක් තියෙනවද..?
මගේ නම් අදහසක් නැහැ. හැබැයි හිරුණිකාගේ වැඩවලට උපරිමයෙන් උදව් කරනවා.

හිරුණිකා දේශපාලනයෙන් සමුගන්නවා කියන්නේ ඇත්තද..?
ඒක බොරුවක්. බබා නිසා මාස තුනක් විතර දේශපාලනයෙන් ඈත්වෙන්න වෙනවා.
අපේ වැඩ එහෙම වෙනවා. ඒ වගේම පසුගිය දවස්වල අපට මඩ ගැහුවා. හිරුණිකා කොලොන්නාවට නෑවිත් මගහැරියා කියලා. පුතා ලැබෙන්න හිටපු නිසා මමයි ඇයට ඒ පැත්තට යන්න නොදුන්නේ. එයා වැඩ කරන්න ගියාම වෙලාවට කෑමක්වත් නෑ. එයා යන්න හදපු හැම වෙලාවෙම මම විරුද්ධ වුණා. ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතලයි මම එහෙම කළේ.

අනාගත බලාපොරොත්තු ඇති…?
ඔව්.. කාටවත් කරදරයක් නොවී සුන්දරව ජීවත් වෙන්න තමයි අපේ බලාපොරොත්තුව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!