උතුරු දිග ඉන්දියාවේ චන්දිගර් නගරයේ DJ සංගීත ශිල්පිනියක් ලෙස කටයුතු කරන වර්නිකා කුන්ඩු පසුගිය සිකුරාදා රාත්රියේ නිවස බලා එමින් සිටියදී පුරුෂයන් දෙදෙනෙකුගේ ලුහුබැඳීමකට ලක්ව තිබුණා.
එම සිද්ධියෙන් පසුව ඉන්දීය දේශපාලඥයෙකු පවසා තිබුුණේ පුරුෂයන් දෙදෙනකු විසින් ලුහුබැඳීමට ලක් වූ තරුණියක් “එතරම් රෑ වී නිවසින් බැහැරව නොයා යුතුව තිබූ බව” යි.
මෙයට ප්රතිචාර වශයෙන් නිවසින් පිටත ගොස් රාත්රිය සතුටින් ගත කරන ආකාරය දැක්වෙන ඡායාරූප ඉන්දීය තරුණියෝ සිය සමාජ ජාල ගිණුම් තුළ පළ කරමින් සිටිනවා.
අදාල සිද්ධියට සම්බන්ධ පුරුෂයන් දෙදෙනා අතර පාලක භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන ප්රසිද්ධ දේශපාලනඥයකුගේ පුතෙකු ද සිටි බවට එම තරුණිය ප්රකාශ කර තිබුණා.
එම ප්රකාශය ප්රතික්ෂේප කරන ඉන්දීය ඇමතිවරයා පවසා ඇත්තේ එම තරුණියට එවැනි අත්දැකීමකට මුහුණ දීමට සිදු වූයේ ඇයගේ වරදින් බවයි.
ඉන්දීය තරුණියන් එතුමන්ගේ මෙම ප්රකාශය මුල් කරගෙන රාත්රී කාලයේ නිවසින් පිට සිටිය හැකි බව පෙන්වීමට සිදු කරන ක්රියාවක් බව වැඩි දුරටත් සඳහන්.