මේ ජීවිත ගමනෙදි නොලැබීම්, දුක සතුට කියන හැමදෙයක්ම සම සිතින් විඳගන්න සිද්ධ වෙනවා.
නොලැබුණු දේ නිසා පසුතැවිලා ජීවිතේ විනාශ කරගන්නවට වඩා හිතට ශක්තිය අරන් ජීවිත දිනන මිනිස්සු ගැන ඕනේ තරම් අහන්න දකින්න ලැබෙනවා.
ඒ විදිහට ලෝකය දකින්න බැරිව අන්ධ වුණත් ජීවිතය ජයගත්තු යුවළක් ගැන අපිට මාවනැල්ලෙන් අහන්න ලැබුණා.
රත්මලාන අන්ධ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ සරසවියෙන් උපාධිය හදාරන කාලේ ඇතිවුණු ලෙංගතුකම නිසා සිදුවුණු අපූරු විවාහ මංගල උත්සවයක් පසුගිය 28 වැනිදා මාවනැල්ල හෙම්මාතගමදි පැවැත්වුණා.
චන්ද්‍රාංගනී සෙනෙවිරත්න උපතින්ම අන්ධයි. චන්ද්රාංගනීගේ මව්පියන් ඇයව රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුලත් කරන්නේ දෑස් නොපෙනුනත් ඉගෙනීමට ඇති දක්ෂකම නිසාමයි.
මතුගම පොල්ගොඩ ඉඳන් අන්ධ විද්‍යාලයට ආපු ඉෂාර ලක්මාල්ද ඒ වගේම කෙනෙක්.
මොවුන් දෙදෙනාම අවසන් විභාගවලින් හොඳින් සමත්වෙලා විශ්ව විද්‍යාල වරම් හිමිකරගන්නවා.
2013 අවුරුද්දේ චන්ද්රාංගනිත් ඉෂාරත් උපාධිය අරගෙන විශ්ව විද්‍යාලයෙන් පිටත්වෙලා අද වෙද්දි ගුරු පත්වීම් දෙකකුත් ලබාගෙන ඉන්නේ ලොකු ආදර්ශයක් සපයමින්.
මීට අවුරුදු දෙකකට විතර කළින් ඉෂාර චන්ද්රාංගනීගේ ජංගම දුරකථනයට ඇමතුමක් අරගෙන කියා සිටියේ තමන් ඇයව විවාහ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා.
මම ඉෂාරගේ කෝල් එකෙන් පුදුම වුණා. මම කිව්වේ මට මේකට දැන්ම මොනවත් කියන්න බැහැ. අම්මලාගෙන් අහන්න ඕනේ කියලා.
ඊට පස්සේ ඉෂාර අපේ දෙමව්පියන්ගෙන් මේ ගැන ඇහුවා.. ඊට පස්සේ එයාලත් කැමතිවුණා.
ඉතිං ප්‍රශ්නවලින් පැනලා යන මිනිස්සු මැද අහිමිවුණු දෑස් නිසා ජීවිතේ අදුරු කරනොගත්තු මේ යුවළ පසුගියදා අතිනත ගත්තේ ජීවිතේ සොඳුරු මතකයක් එකතු කරගනිමින්.
ඉතිං වෙබ් ගොසිප් අපිත් ඔබ දෙපළට සුබ මංගලම් කියලා ප්‍රාර්ථනා කරනවා.
