මියුසික් වීඩියෝ ගැන කතා කළාම මතකෙට එන්නේ නිරුවත ගැන.
ඒ තරමටම නිරුවත ඉස්සරහට දාලා මියුසික් වීඩියෝ හිට් කරගන්න අද හුඟක් අය පෙළඹිලා.
ඒත් මේ රැල්ල වෙනත් පැත්තකට හරවන්නත් සමහරු උත්සහ කරනවා.
ඒ අතරින් රොමේෂ් සුගතපාලගේ මන්දාකිණි වීඩියෝව කඳිම උදාහරණයක්.
ඉතිං මේ ගැන අපි රොමේෂ්ගෙන්ම අහලා බැලුවා.
රොමේෂ් සුගතපාල වෙබ් ගොසිප් අපිට කිව්වේ මේ වගේ කතාවක්.
“අද හැමෝම නිරුවත ඉස්සරහට දාලා මියුසිික් වීඩියෝ හිට් කරගන්න උත්සහ කරනවා. ඉතිං මට හිතුනා නිරුවත නැතිව සාර්ථක නිර්මාණයක් කරන්න පුළුවන් කියන එක පෙන්වන්න.
ඇත්තටම හැමෝගෙන්ම හොඳ Comments ලැබුණා. ඒ ගැන තියෙන්නේ ලොකු සතුටක්.
ඒ වගේම අද වෙද්දි මේ සිංදුව හැමෝම අතරට ගිහින් තියෙනවා.
මට දුක මේ වගේ නිර්මාණයක් මීට කළින් නොකරපු එකයි.”
රොමේෂ්ගේ මන්දාකිණි වීඩියෝව පහතින්…
