තරුණයන්ගේ අසාමාන්‍ය ලිංගික හැඟීම් නිසා අහිංසක තරුණියන් දහස්ගණනක ජීවිත නැතිවෙනවා.
අපි මේ කියන්න හදන්නෙත් ඒ වගේ අසාමාන්‍ය ලිංගික හැසිරීම් නිසා සිදුවූ අවාසනාවන්ත සිද්ධියක්.
හැබැයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ අපේ රටේනම් නෙවෙයි. නමුත් අපේ රටේ පවා මෙවැනි ආකාරයේ අවාසනාවන්ත සිදුවීම් අහන්න දකින්න ලැබිලා තියෙනවා. විද්‍යා, සේයා වැනි සිසුන්ගේ ඝාතන සිද්ධීන් හද කම්පා කරවන එවැනි සිද්ධීන් වුණා.
මේ කියන්න හදන්නේ South Houston High School එකක වූ සිදුවීමක්.
15 වන වියේ පසුවූ පාසල් සිසුවියක්ව පෙම්වතා විසින් මරලා නිවාස සංකීර්ණයක කුස්සියක සින්ක් එක යට හංගලා. එහෙම හංගලා තියෙන්නෙත් මේ තරුණියගේ නැන්දගේ ගෙදර. මේ පෙම්වතාගේ වයසත් අවුරුදු 15යි. අර කියපු තරුණියත් ඉස්කෝලේ එකම පන්තියෙලූ.
කොහොම හරි මේ තරුණයා ඒ තරුණියව අර ගෙදරට අරන් ගිහින් තවත් යාළුවෙක් එක්ක දුෂණය කරලා මරාදාලා.
වැඩේ කියන්නේ මේ තරුණයා ඒ හැම එකක්ම ෆෝන් එකෙන් වීඩියෝ කරලා. ඔය වීඩියෝ කරපු සිද්ධිය නිසා ඒ තරුණයා දැන් ඉන්නේ පොලිස් අත්අඩංගුවේ. මොකද පොලිසියට මේ තරුණයාව සැක හිතිලා ෆෝන් එක චෙක් කරද්දී තමා මාට්ටු වෙලා තියෙන්නේ.
ගිය සඳුදා තමා මේ තරුණියගේ සිරුර හම්බවෙලා තියෙන්නේ. මැයි 27 වෙනිදා මේ තරුණියගේ පෙම්වතා එක්ක රෙස්ටුරන්ට් එකකට ගිහින් තියෙනවා. ඒකෙ CCTV දර්ශනත් පොලිසියට ලැබිලා.