ඇතෙකුට අපි කාගෙත් හිතේ තියෙන්නේ ලොකු භක්තියක්.
ඇත් රජාණෝ කියලයි අපි කතාවට කියන්නේ.
දළඳා කරඬුව වැඩමවන්නත් ඔවුන් පිං කරලා තියෙනවා.
මේ විදිහට අපි කතා කරන්න හිතුවේ ඇත් රජෙකුගේ දැමූ දම්වැලක් නිසා තුවාල වුණු කකුල් සහිත ඡායාරූපයකට ලියැවුණු අපූරු සිතුවිල්ලක් නිසයි.
හදවතට දැනනු මේ සිතුවිල්ල වෙබ් ගොසිප් පාඨකයන් වෙනුවෙන් ගෙන එන්න අපි හිතුවා.
සමිදු මහ ධා බැති සිතින්
පෙරට ගෙනියන මහ තෙදින්
බලව පායුග පිලිවතින්
පෙල සැදෙන ජනයා මෙතින්
ඇසත් උපදා සන්තොසින්
දෙඅත් එක්කොට මහ හඩින්
වදින හඩ යට පත් කෙරූවයි
අහෝ සතෙකුගෙ දුක ඉතින්
ලා මැනික් හා අබරණින්
දිලෙන සුදිලෙන පට සලින්
ලේද සැරවද වණ ද වසලා
දෙතිස් දඩුවම් දෙයි සැරෙන්
බෝසත් කුලේ මහ සිටාණෝ
වදින දා මහ ඇතාණෝ
බලන් පිසදා දෙ ඇස නිසිදා
දුටුවදෝ දුක රජාණෝ..