Gossip

පුතුන් පස් දෙනෙකු වෙනුවෙන් දුක් දහදිය කඳුළු හෙළා සරණක් නැතිව මහමඟ අවසන් හුස්ම හෙලූ අප්පච්චී – Photos

මහරගම ඉඳන් කතරගමට පයින් ගමන් කළ බව සැක කරන පුද්ගලයෙක් ගාල්ල නගරයේ වෙළඳසැලක් ඉදිරිපිට මියගොස් තිබෙනවා.
මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මේ පුද්ගලයා ලියූ බවට පැවසෙන ලිපියක්ද පොලිසියට හමුවෙලා.
“මහරගම ආසිරි” යනුවෙන් සඳහන් වුණු කොලයක්ද ඔහු ළඟතිබී හමුවී ඇති අතර එහි ” මගේ නම ජෝසප් ඇන්ටන්. මට පිළිකා රෝගයක් තියෙනවා. වකුගඩු ඔක්කොම සවුත්තු වෙලා. කතා කරන්න අපහසුයි. 2016 මහරගම සහ කරාපිටිය රෝහල්වලින් ප්‍රතිකාර ගත්තා. වෛද්‍ය විජේපාල – මහරගම ශල්‍යකර්මය සඳහා රුපියල් 3000,000 ඉල්ලනවා” යනුවෙන් සඳහන් වනවා.
මෙම පුද්ගලයා මාසයකට වැඩි කාලයක ඉඳන් මහරගම ඉඳන් කතරගමට පයින් ගමන් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
කොහොම වුණත් ඔහු ළඟ තිබූ අනෙක් ලිපියේ සඳහන් වන්නේ ” ජෝෂප් ඇන්තනී වන මම උගුරේ පිළිකා රෝගයකින් පෙලෙන බවත් හරියට කතා කරන්න බැරි බවත්ය.
තවද බිරිඳ ජීවිතය හැර ගොස් ඇති බවත් පුතුන් පස්දෙනෙකු සිටියද ඒ කවුරුත්ම තමන්ට සලකන්නේ නැති බවත් මෙම ලිපියේ ලියා තිබෙනවා.
ඒ නිසා තමා මේ විදිහට මහරගම ඉඳන් කතරගමට පයින් ගමන් කිරීම ආරම්භ කර ඇති බවත් 2017-06-09 දින ඔහුගේ අත්අකුරින් ලියූ මෙම ලිපියේ දැක්වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!